රත්රන් පැන්නීමට ගිය ශ්‍රී ලන්කන් සේවකයෙක් දැලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

රත්රන් පැන්නීමට ගිය ශ්‍රී ලන්කන් සේවකයෙක් දැලේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලින් එළියට ගෙන ඒමට උත්සහ කළ රත්රන් කිලෝ 4ක් සමඟ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම රත්රන් තොගයේ විටිනාකම රුපියල් මිලියන 32ක් බව සදහන් වේ.
 
කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ රේගු මත්ද්‍රව්‍ය නිවාරන ඒකකයේ දොරටුවෙන් මෙම රත්රන් සමඟ පිටවීමට උත්සහ කළ අවස්ථාවේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහු තම දෙකකුළේ වළලු කරට මදක් ඉහළට වන්නට රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර  ඒවා බැඳ ගෙන , පසුව කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිටි අතර , එහි ග්‍රෑම් 100 බැගින් වූ කිලෝ ග්‍රෑම් 04 ක් බර රන් බිස්කට් 40 ක් තිබූ බව වාර්තා වේ.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන 22 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages