බ්‍රෝඩ්ලන්ඩ්ස් නිවාස අහිමි වූ පවුල් වලට සහන - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

බ්‍රෝඩ්ලන්ඩ්ස් නිවාස අහිමි වූ පවුල් වලට සහන

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය වාසස්ථාන අහිමි වූ ජනතාව වෙනුවෙන් හිමි වන්දි මුදල් පිරිනැමීම ඊයේ (10) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී පවුල් 28 ක් වෙනුවෙන් රු. මිලියන 134 ක මුදලක් වන්දි මුදල් වශයෙන් ලබාදෙන ලදී.

බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය නිසා වාසස්ථාන අහිමි වූ ජනතාව වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට වන්දි මුදල් හිමි නොවීමේ හේතුවෙන් බ්‍රෝඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් වාතාවරණය පිළිබදව කරුණු විමසා බැලීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී සිංහල හින්දු අළුත් අවුරුද්දට ප්‍රථමයෙන් අදාළ වන්දි මුදල් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් ඉෂ්ඨ කරමින් මෙසේ වන්දි මුදල් ලබාදීම සිදු කෙරිණි.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහාවන ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 82 ක් වේ.

මේ සදහා චීනයේ කර්මාන්ත හා වානිජ බැංකුව මගින් 85% ක් හා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මගින් 15% ක මුදලක්ද වානිජ ණය වශයෙන් ලබාදෙන ලදී.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චීන රජයට අයත් සමාගමක් වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් සමාගම මගින් සිදුකරන අතර එහි උපදේශන හා අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේන කාර්යාංශය මගින් සිදුකරනු ලබයි.

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරය ඉදිකිරිම මගින්, වාර්ෂිකව පරිසරයට නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායු මෙට්‍රික්ටොන් 88,000 ප්‍රමාණයක් වළක්වාගත හැකිවන අතර එය ජාත්‍යන්තර කියෝටෝ සම්මුතිය යටතේ පිහිටුවා ඇති පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය හා බැදුණු ලංකාවේ ප්‍රථම මහා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘතිය වීම, මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයකි.

මෙම ව්‍යාපෘතිය අවසන්වූ පසු ජලවිදුලි කෞතුකාගාරයක් ඇතුළුව බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් මෙමගින් ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයටද සුවිශේෂී ස්ථානයක් හිමිවේයැයි අපේක්ෂා කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages