ගෝඨාට නඩු දාන්න – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාව ද්‍රවිඩ ජනතාවට කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ගෝඨාට නඩු දාන්න – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාව ද්‍රවිඩ ජනතාවට කියයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සිය ගණන් නඩු ගොනුකරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට හිතැති මන්ත්‍රී පෝල් ස්‌කලි එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.

කැනඩා ද්‍රවිඩයකු විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මේ වනවිට නඩුවක්‌ ගොනු කර ඇති බව පවසන පෝල් ස්‌කලි බ්‍රිතාන්‍ය ද්‍රවිඩයන් ද එම ක්‍රියාදාමය අනුගමනය කළ යුතු බව තවදුරටත් කියා සිටී.

බ්‍රිතාන්‍යයේ සර්ව පාක්‍ෂික මන්ත්‍රී කමිටුව මෙහෙයවන පෝල් ස්‌කලි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් මේ ඉල්ලීම කර ඇත.

මෙයට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි පෝල් ස්‌කලි ශ්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages