ආපදා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ආසියා-පැසි­ෆික් සන්ධා­නයේ වාර්ෂික සම්ම­න්ත්‍ර­ණය කොළඹ දී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ආපදා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ආසියා-පැසි­ෆික් සන්ධා­නයේ වාර්ෂික සම්ම­න්ත්‍ර­ණය කොළඹ දී

ආපදා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ආසියා-පැසි­ෆික් සන්ධා­නයේ (A-PAD) පස්වැනි වාර්ෂික සම්ම­න්ත්‍ර­ණය පෙරේදා (10) කොළඹ ‍සිනමන් ලේක්ස­යිඩ් හෝට­ලයේ දී පැවැ­ත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති අකිරා සුගි­යාමා ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ වූ මෙම අව­ස්ථාව සඳහා ගෞර­ව­නීය ආරා­ධි­තයා ලෙස ශ්‍රී ලංකා නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා මහතා සහ­භාගි වූ අතර A-PAD සාමා­ජික රට­වල නියෝ­ජි­ත­යන් සමඟ මෙරට ආපදා කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍රයේ බල­ධා­රීන්, රාජ්‍ය හා පෞද්ග­ලික ආය­තන නියෝ­ජි­ත­යන්, ජන­මාධ්‍ය නියෝ­ජි­ත­යන් සහ ස්වේච්ඡා සංවි­ධාන සාමා­ජි­කයෝ ද එක්ව සිටි­යහ.

ලොව ඕනෑම රටක සිදු වන ආප­දා­වක දී සහාය ලබා දිය හැකි පුහු­ණුව ලත් සහන සේව­ය­ක­යන් ‍මේ වන විට අප රට සතුව ඇති බව මෙම සම්ම­න්ත්‍ර­ණයේ ආර­ම්භක අව­ස්ථාව අම­ත­මින් නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. පසු­ගිය වසර කිහි­පය තුළ ස්වාභා­වික විපත් ඉහළ යාමක් පෙන්නුම් කරන බවද ආසියා මහ­ද්වී­පය තුළ ගංව­තුර තත්ත්වය වැඩි වශ­යෙන් වාර්තා වූ බව ද ඒ මහතා පැව­සීය. ශ්‍රී ලංකා නාවික හමු­දාව , යුද හමු­දාව සහ ගුවන් හමු­දාවේ ද සහය ඇතිව එවන් අව­ස්ථා­වන් හිදී සීමා නොත­ක­මින් කට­යුතු කළ බව නාවික හමු­දා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ආපදා කල­ම­නා­ක­ර­ණයේ සාර්ථ­ක­ත්වය යනු ජීවිත හානි සිදු නොවීම බව ද ඒ සඳහා A-PAD වැනි සංවි­ධා­න­යන්හි කාර්ය­භා­රය අගය කළ යුතු බව ද ඒ මහතා පැව­සීය.

ස්වාභා­වික ආපදා අත්දැ­කීම් බහුල රටක් වශ­යෙන් ජපා­නය නිර­න්ත­ර­යෙන් ආපදා කළ­ම­නා­ක­රණ යාන්ත්‍ර­ණය යාව­ත්කා­ලීන කරන බව ද, දිගු කාලීන මිතු­රකු වන ශ්‍රී ලංකාව සමඟ ඒවා නිර­න්ත­ර­යෙන් බෙදා ගැනී­මට සූදා­නම් බව ද ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති අකිරා සුගි­යාමා මහතා පැව­සීය. ආප­දා­වන් හිදී ජීවිත මෙන්ම ව්‍යාපාර ද ආරක්ෂා කර ගැනීම රටක සංව­ර්ධ­නය කෙරෙහි සෘජුව බල­පාන බව ද ඒ මහතා අව­ධා­ර­ණය කළේය. එබැ­වින් ආසියා-පැසි­ෆික් කලා­පය තුළ මෙවන් සන්ධා­න­යක මැදි­හත් වීම වඩාත් යහ­පත් ප්‍රති­ඵල ලබා දෙනු ඇති බව තමන් විශ්වාස කරන බව සුගි­යාමා මහතා කීය.

ආපදා කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ආසියා-පැසි­ෆික් සන්ධා­නයේ (A-PAD) ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යක්ෂ ෆිස්රාන් හෂීම්, ඉන්දු­නී­සි­යාවේ සභා­පති ෆයි­ලා­සල් ජලාල් සහ ජපාන නියෝ­ජිත කෙන්සුකෙ ඔනිෂි මෙම සම්ම­න්ත්‍ර­ණයේ මුල­සුන හෙබවූ අතර ඊට දෙස් විදෙස් නියෝ­ජි­ත­යන් සහ­භාගි වූ සාකච්ඡා සැසි දෙක­කින් සම­න්විත විය.

ක්‍රිසන්ති විතා­රණ
ඡායා­රූ­පය- විමල් කරු­ණා­රත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages