කැපී පෙනෙන ජයකින් දඹුල්ල පිල තෙවැනි ස්ථානයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

කැපී පෙනෙන ජයකින් දඹුල්ල පිල තෙවැනි ස්ථානයට

චමිල කරවිට

ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 101 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 95 ක් වශයෙන් සිව්වැනි කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර පිලට එරෙහිව ලකුණු 94 ක ජයක් වාර්තා කළ දඹුල්ල ක්‍රීඩකයෝ තරගාවලියේ තෙවැනි ස්ථානයට ඊයේ (10 දා) තේරී පත්වූහ. පළමු වටය යටතේ දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේදී මහනුවර පිල විසින් දඹුල්ල පිල පරාජය කළ නමුත් මෙම තරගයේදී දඹුල්ල පිල ජය වාර්තා කිරීම කැපී පෙනෙයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 326 ක ඉලක්කයක් ලබා දුන් නමුත් මහනුවර පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 42.2 ක් අවසනදී ලකුණු 231 ක් පමණි. හඹා යෑමේදී සධීර සමරවික්‍රම පන්දු 66 කදී වේගවත් ලකුණු 70 ක් සහ සංගීත් කුරේ ලකුණු 57 ක් ලබමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවද මැදපෙළ පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොලැබිණ.

පළමු කඩුලු 3 ම ලකුණු 45 ක් ඇතුළතදී බිඳ වැටුණද සටන අත් නොහළ නායක මැතිව්ස්, භානුක රාජපක්ෂ සමඟ එක්වී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 154කදී ලකුණු 150 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ආරම්භයේ තරමක් ආරක්ෂාකාරී වූ මැතිව්ස්ගේ අගනා ඉනිමට පන්දු 106 ක් වැය වී තිබුණු අතර හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් ඉනිම වර්ණවත් වී තිබිණ. ඔහුට අනගි සහායක් ලබා දුන් භානුක පන්දු 87 කට පමණක් මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් තම ඉනිමට ඇතුළත් කළේය.

තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම දඹුල්ල පිල නතු වුණු සම්බන්ධතාවය වශයෙන් මැතිව්ස්-රාජපක්ෂ සම්බන්ධතාව සටහන් වූ නමුත්, පන්දු 33 කදී ජීවන් මෙන්ඩිස් රැස් කරන ලද ලකුණු 50 (හයේ පහර 3 යි හතරේ පහර 2 යි) මෙන්ම ඉසුරු උදාන පන්දු 14 කදී රැස් කරන ලද ලකුණු 34 ද (හයේ පහර 2 යි හතරේ පහර 3 යි) දඹුල්ල පිලේ වාසියට හිටියේය.

තරගාවලියේ අවසන් මහ තරගය ලසිත් මාලිංගගේ ගාල්ල පිල සහ දිනේෂ් චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම සමඟ පැවැත්වීමට අද පැවැත්වෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages