නව අග­වි­නි­සු­රු­ව­ර­යකු යටතේ ජන­පති ධුර කාලය ගැන විම­සීම අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට හානි­යක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

නව අග­වි­නි­සු­රු­ව­ර­යකු යටතේ ජන­පති ධුර කාලය ගැන විම­සීම අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට හානි­යක්

ජනා­ධි­පති ධුර කාලය ගණන් හැදීම සිදු­වන්නේ කෙසේද යන්න පිළි­බ­ඳව වර්ත­මාන අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­රයා යටතේ නැතිව නව අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­ර­යකු යටතේ සිදු කර­නවා නම් එම­ඟින් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට හානි සිදු වන බවත් එය අධි­ක­ර­ණයේ විශ්වා­ස­ව­න්ත­භා­වය පළුදු වන ක්‍රියා­වක් බවත් විදුලි සංදේශ හා ඩිජි­ටල් යටි­තල පහ­සු­කම් පිළි­බඳ කැබි­නට් නොවන ඇමැති අජිත්. පී. පෙරේරා මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැව­සුවේ කොළඹ විදුලි සංදේශ හා ඩිජි­ටල් යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය සාක­ච්ඡා­වට සහ­භාගී වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය පව­ත්වන්නේ කව­දාද, අපේ­ක්ෂ­කයා කවුද, දිනන්නේ කවුද යන්න පිළි­බ­ඳව අද සමා­ජයේ කති­කා­ව­තක් ඇති වී තිබෙ­නවා. අපේ රටේ තවම විධා­යක ජනා­ධි­පති ධුරය පව­ති­නවා. 19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය මඟින් එහි බල­තල අඩු කර තිබෙ­නවා. එහි සංව­රණ හා තුලන හඳුන්වා දී තිබෙ­නවා. නීති විරෝ­ධීව පාර්ලි­මේ­න්තුව විසු­රු­වා­හැ­රී­මෙන් පසු එය නීති විරෝධී බව පෙන්වා­දී­මට හැකි වූයේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට 19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නයේ බලය පිටයි. 19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට පෙර ජනා­ධි­ප­ති­ව­ර­යාට අභි­යෝග කිරී­මට හැකි­යාව තිබුණේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය හරහා අධි­ක­ර­ණයේ ස්වාධීන බවත් , අධි­ක­ර­ණය ශක්ති­මත් කිරී­මත් , විධා­යක ජනා­ධි­පති ක්‍රමය පාල­නය කිරී­මත් සිදු කළා.

19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය මඟින් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ධුර කාලය අවු­රුදු 5ක් ලෙස කියා තිබෙ­නවා. අග­මැති ඉවත් කිරී­මට පෙර පාර්ලි­මේ­න්තුව විසු­රු­වා­හැ­රී­මට පෙර ශ්‍රෙෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ඇසු­වා­නම් රටට වටිනා මාස 3ක් , ආර්ථි­ක­යට ඩොලර් කෝටි ගණ­නක පාඩු සිදු වන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් දයා­සිරි ජය­සේ­කර මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ධුර කාලය අවු­රුදු 05 ගණන් හදන ආකා­රය ආරම්භ වන්නේ කවදා සිටද කියා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් විම­සන්න අවශ්‍ය බව පැව­සුවා. නමුත් එම විම­සීම සිදු කරන්නේ වර්ත­මාන අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­රයා ඉවත් වී නව අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­ර­යකු යටතේ නම් එය අධි­ක­ර­ණයේ විශ්වා­ස­ව­න්ත­භා­වය පළුදු වන අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට හානි වන කතා­වක්. අලු­තින් පත් වන අග­වි­නි­ශ්ච­කා­ර­ව­ර­යාට වක්‍රව බල­පෑ­මක් සිදු­වන දෙයක් තමයි දයා­සිරි මහතා කියා තිබෙන්නේ. ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ කාර­ණය නොවේ වෙනත් ඕනෑම කාර­ණ­යක් වුවද ශ්‍රෙෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් විමසා දැන ගත හැකියි. ඉක්ම­නින් ජනා­ධි­ප­ති­ව­ර­ණය තිය­න­වාට කැම­තියි .වර්ත­මාන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව ජනා­ධි­ප­ත­ව­ර­යාගේ ධුර කාලය 2020 ජන­වාරි 08 වැනි­දා­යින් අව­සන් වෙනවා. සැක නම් එය අසා දැන­ගන්න පුළු­වන්. නමුත් අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­රයා මාරු කර නැවත කෙනෙක් පත් කර ඒ පිළි­බ­ඳව විම­ස­න­වා­නම් එය අධි­ක­ර­ණයේ ස්වාධි­න­ත්ව­ය­ටත් , යෝජිත අග­වි­නි­සු­රු­ව­ර­යා­ටත් සිදු කරන අසා­ධා­ර­ණ­යක්.

එහිදී මාධ්‍ය­වේ­දීන්ගේ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දුන් ඒ මහතා මෙසේද කීවේ ය.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­දා­යක සභාව කියන්නේ එක්සත් ජාතික පක්ෂ­යට බහු­ත­ර­යක් නැති සභා­වක්. අපිට එහි බහු­ත­රය නොමැති වුවද අප නිවැ­රැදි තීරණ ගත්තා, ඉදි­රි­ය­ටත් ගන්නවා. අග්‍ර­වි­නි­ශ්ච­කා­ර­ව­රයා යෝජනා කිරීම, පත් කිරීම සිදු කරන්නේ ජනා­ධි­ප­ති­ව­රයා යි. ව්‍යව­ස්ථා­දා­යක සභාව විසින් සිදු කරන්නේ නිර්දේශ ඉදි­රි­පත් කිරීම පමණ යි.

ඉක්ම­නින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පව­ත්වන එක රටට හොඳ යි. කවුරු , කුමන පක්ෂ­ය­කින් පත්වු­ණත් අලුත් නාය­ක­ත්ව­යක් රටට අවශ්‍ය යි.

චන්දිමා කරු­ණා­රත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages