ජනපති ධූරය අහෝසි කීරීමේ උත්සාහය සාර්ථක වන්නේ නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ජනපති ධූරය අහෝසි කීරීමේ උත්සාහය සාර්ථක වන්නේ නෑ

කුඩා අමාත්‍යාංශයක් රටේ බලගතුම සංවර්ධනයේ දායකත්වය ලබාදෙන බලගතුම ක්‍රියාවලිය බවට පරිවර්තනය කිරීමට හැකිවීම පසුගිය වසරේ අප ලබාගත් ජයග්‍රහණයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවස යි.

ඒ මහතා මෙම අදහස් පළකළේ ‘‘නිපුණතාවාදයේ ජයග්‍රාහී වසරයි’’ මැයෙන් එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් තම ෆේස් බුක් පිටුවට සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය වසරේ සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදී ජුන්ටාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීමට අපට හැකිවුණා. අපි ඒ අවස්ථාවේ දී බොහෝ දෙනෙක් බියෙන් සැඟවී සිටියා. සමහර පක්ෂවල නායකයන් යැයි කියා ගන්නා අය ගිහින් යම් යම් අයගේ නිවෙස්වල හිඳගෙන ජනතාව පත් කළ අපේම රජයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටියා. ඒ කුමන්ත්‍රණ කරුවන් අද නොයෙක් වෙස් අරගෙන ජනතාව ගැන කතා කළත් මේ රටේ ජනතාව මතක තබා ගත යුතුයි. ඒ රාජපක්ෂ පවුලේ ජුන්ටාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ඔවුන් කිසිම දායකත්වයක් දැරුවේ නැහැ. මේ රටේ ජනතාවට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට ලබාදීමට අපට හැකිවීම ගැන අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා. ඊළඟ මැතිවරණවල දී මොවුන්ව හෙළිදරව් කිරීමට අපි කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා.

ඒ වගේම අනාගතය සඳහා අපි ගත්තොත් මේ එළඹෙන වසර ඉතා තීරණාත්මකයි. ඒ වසරේ දී රටේ බලගතු මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතයි. පළමුවෙන්ම එන මැතිවරණය ජනාධිපතිවරණයයි. ඒ ජනාධිපතිවරණය අහෝසි කිරීමට නොයෙක් දෙනා නොයෙක් කුමන්ත්‍රණ කළත් ඒවා සාර්ථක වන්නේ නැහැ. ඔක්තෝම්බර් 6 වෙනිදායින් පසුව මේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට තරගයක් පැවැත්වෙනවා. ඒ ජනාධිපතිධූරය 2015 පවපත්වපු ජනාධිපතිවරණය වගේ එකක් නෙමෙයි ජනතාවට වගකියන, පාර්ලිමේන්තුවට වග කියන අධිකරණයට යටත් ජනාධිපතිධූරයක් සඳහා තමයි ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ.

ඒ ජනාධිපතිවරණය කෙසේ වෙතත් රටේ හැරවුම් ලක්‍ෂයක්. ඉන් පසුව මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්වෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශ්වයට රටේ සියලුම ක්‍ෂෙත්‍රවල දේශපාලන බලය ලැබීමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර පවුල්වාදයෙන් මේ රට මුදා ගැනීම සඳහා අවසාන සටන මේ ජනාධිපතිවරණයේ දී සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. අපි ඒ අධිෂ්ඨානයේ ඉන්නවා. මේ රටේ ඉවතට දමන ලද, පවුල්වාදයට යටත් වෙච්ච, ගජමිතුරුවාදයට යටත් වෙලා කුසලතාවයට, නිපුණතාවයට තැනක් නොදුන් දේශපාලන ක්‍ෂෙත්‍රයේ කුසලතාවයට, නිපුණතාවයට තැනක් තිබෙන රටක් බවට, ඒ වගේම මේ රට හැරයන ජනතාවට ඉන්න හිතෙන රටක් තැනීම සඳහා වූ පළවෙනි පියවර ඒ මගින් තබන්න අපි උත්සාහ කරනවා.

රාජපක්ෂ ජුන්ටාවේ කුමන්ත්‍රණය පරාජය කළ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට ජයග්‍රහණ ලබාදීම සඳහා අපි කැපවෙන බව 2015 දී අපට දුන් ජනවරම සමහරුන් පාවා දෙමින්, ඒ ජනවරමට මුවා වෙලා රටේ ජාතික ධනය මංකොල්ල කෑමට හොරුන් ආරක්‍ෂා කිරීමට ආර්ථිකය ඉදිරියට ගෙනයෑම වැලැක්වීමට නොයෙක් ක්‍රියා මාර්ග ගත්තත්, ජනතාවට අපි යුතුකම් ඉටු කරමු. ඒ ජනතාවගේ ප්‍රාර්ථනා ඉදිරියට ගෙන යමින් වඩාත් ශක්තිමත් ජනවරමක් එළඹෙන ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට ලබාගැනීමට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරමින් අපිත් එක්ක මේ සඳහා අත්වැල් බැඳ ගන්න, එකතු වෙන්න, නායකත්වය ගන්න කියලා මේ රටේ ප්‍රබුද්ධ මහජනතාවට අපි ආරාධනා කරනවා.

චන්දීමා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages