පෙර පාසල් අධ්‍යා­ප­න­යට රජය විශේෂ අව­ධා­න­යක් යොමු­කළ යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

පෙර පාසල් අධ්‍යා­ප­න­යට රජය විශේෂ අව­ධා­න­යක් යොමු­කළ යුතුයි

Author(s): 
උදුලා පීරිස්

ශ්‍රම බල­කාය හරි­යා­කා­රව පව­ත්වා­ගෙන යාමට පෙර පාසල් අධ්‍යා­ප­න­යට රජය විශේෂ අව­ධා­න­යක් හා ආයෝ­ජ­න­යක් කළ යුතු බවත්, ඒ නිසාම කොළඹ මහ නගර සභාවේ පුර­ප­ති­නිය හැටි­යට පෙර පාසල් අධ්‍යා­ප­න­යට විශේෂ අව­ධා­න­යක් යොමු කරන බවත් නග­රා­ධී­ප­තිනී රෝසී සේනා­නා­යක මහ­ත්මිය පැව­සු­වාය.

පෙරේදා (10) කොළඹ මහ නගර සභා බල ප්‍රදේ­ශයේ පිහිටි කොළඹ නගර සභාව විසින් පාල­නය කරනු ලබන පෙර පාස­ල්වල පව­තින ගුරු පුර­ප්පාඩු සඳහා නව ගරු­ව­රුන් හට ස්ථීර පත්වීම් ප්‍රදා­නය කිරීමේ අව­ස්ථාවේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස එක්වෙ­මින් ඒ මහ­ත්මිය එසේ පැව­සු­වාය.

මේ උත්ස­වය කොළඹ නගර සභා කමිටු ශාලාවේ දී පැවැ­ත්විණි.

එහි දී අද­හස් දැක්වූ නග­රා­ධි­ප­ති­නිය,

කොළඹ මහ නගර සභාව විසින් පෙර පාසල් 11ක් ද දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන 3ක්ද පාල­නය කෙරෙන අතර එම පෙර පාසල් සඳහා පව­තින ගුරු පුර­පු­පාඩු තන­තුරු සඳහා අද දින ගුරු­ව­රුන් 24 දෙන­කුට ස්ථීර පත්වීම් ප්‍රදා­නය කිරීම පිළි­බඳ ඉතා­මත් සතු­ටට පත්ව­නවා.

පෙර පාස­ල්වල විෂය පද්ධ­තීන් ජාත්‍ය­න්තර ප්‍රමි­තීන්ට අනු­කූ­ලව පව­ත්වා­ගෙන යාම­ටත් විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන්ගේ දිවා සුරු­කුම් මධ්‍ය­ස්ථාන සඳහා ප්‍රමි­ති­ගත මාර්ගෝ­ප­දේ­ශ­න­යන් හා විෂය නිර්දේ­ශ­යන් ලබා දීම­ටත්, කොළඹ මහ නගර සභා­වෙන් පාල­නය වනු ලබන පෙර පාසල් හා අනෙ­කුත් පෙර පාසල් සංව­ර්ධ­නය උදෙසා උප­දෙස් හා ආධාර ලබා දීම­ටත් ලෝක බැංකුව සමඟ එක්ව නිර­න්ත­ර­යෙන් කට­යුතු කරන බව නග­රා­ධි­ප­ති­නිය පවසා සිටි­යාය.

මුල් ළමා විය සංව­ර්ධ­නය දරු­ව­කුට අති­ශය වැද­ගත්, දරු­ව­කුගේ මොලේ වර්ධ­නය 75% ක් සිදු වන්නේ පළමු අවු­රුදු 5 ඇතු­ළත නිසා මුල් ළමා­විය සංව­ර්ධය උදෙසා ලබා දෙන දාය­ක­ත්වය පිළි­බඳ නග­රා­ධී­ප­ති­නිය හැටි­යට විශේෂ අව­ධා­න­යක් යොමු කරන බවත් නග­රා­ධී­ප­ති­නිය පවසා සිටි­යාය.

දින 100 ආණ්ඩුවේ දී ළමා කට­යුතු ඇමැ­තිනී ලෙස සේවය කළ කාලයේ දී ලෝක බැංකු­වෙන් ඩොලර් මිලි­යන 50ක ආධාර මුද­ලක් ලබා ගැනී­මට තමාට හැකි වුණ බව පවසා සිටි නග­රා­ධි­ප­ති­නිය පෙර පාසල් දරු­වන්ගේ මුල් ළමා විය සංව­ර්ධ­න­ය­ටත් කොළඹ නගර සභා බල ප්‍රදේ­ශයේ පෙර පාසල් නොයන දරු­වන් පෙර පාසල් යැවී­මට අවශ්‍ය කට­යුතු සැළ­සුම් කිරී­ම­ටත් එම මුදල දායක කර ගත් බව පවසා සිටි­යාය.

අද දින පත්වීම් ලබා ගන්නා සියලු දෙනා­ටම තමාගේ සුබා­ශිං­සන පළ කළ සේනා­නා­යක මහ­ත්මිය තමන්ගේ සේවය අවං­කව සිදු­ක­රන ලෙස ද පත්වීම් ලාභී­න්ගෙන් ඉල්ලා සිටි­යාය‍.

මෙම අව­ස්ථා­වට නියෝජ්‍ය කොම­සා­රි­ස්තුමා, නාග­රික ලේකම් වසන්ති රත්න­පාල මහ­ත්මිය ඇතුළු ආය­තන ප්‍රධා­නීහූ ද සහ­භාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages