නොත්‍රදාම් ආකර්ශණීය අයුරින් නැවත ගොඩනගනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

නොත්‍රදාම් ආකර්ශණීය අයුරින් නැවත ගොඩනගනවා

ප්‍රංශයේ පැරිසියේ පිහිටි නොත්‍රදාම් දේවස්ථානයේ ඇති වු ගින්නෙන් පසු එය පෙරටත් වඩා ආකර්ශණීය අයුරින් නැවත ගොඩ නගන බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.
 
වසර පහක් ඇතුලත යළි නොත්‍රදාම් දේවස්ථානය ගොඩනැගීමේ කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්‍ෂිතය. 
 
පසුගියදා හටගත් ගින්නෙන් වසර 850ක් පැරණි නොත්‍රදාම් දේවස්ථානයේ වහලය මුළුමුනින්ම විනාශයට පත්ව තිබුණි. ඇති වු ගින්න තවත් පැය භාගයක පමණ කාලයක් පැතිරුණේ නම් සමුපූර්ණ දේවස්ථානයම විනාශ වීමට ඉඩ තිබු බව ප්‍රංශ නිලධාරීන් සදහන් කර ඇත.
 
ගිනි නිවන අංශ පැය 09ක් පුරා දැරූ උත්සාහයෙන් අනතුරුව දේවස්ථානයේ ගොඩනැගිල්ල ඇතුළු ප්‍රධාන ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට හැකිවිය. 
 
කෙසේවෙතත් දේවස්ථාන ගොඩනැගිල්ලේ ගින්න සම්බන්ධ පරීක්ෂණ සදහා විශේෂඥයින් 50 දෙනෙකු එක්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages