ගෝඨාගේ නඩුවට යස්මින් සුකා ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දන ඒකකයත් පටලවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

ගෝඨාගේ නඩුවට යස්මින් සුකා ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දන ඒකකයත් පටලවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ මෙරට රහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දනය ඒකකය ද (ටීඅයිඞී) වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඇමරිකානු අධිකරණයක් වෙත යොමු වූ නඩුවක ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය හා ත‍්‍රස්ත මර්දන ඒකකයට චෝදනා ගොනු වූ මුල් වතාව මෙයයි.

කැනඩාවේ ද්‍රවිඩ ජාතිකයකු පැවරූ මෙම නඩුවෙන් එම ආයතන චූදිතයන් කිරීමට මුල් වී ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකාය.

මෙම ආයතන දෙකම ද්‍රවිඩ ජාතිකයන්ට වධහිංසා පැමිණ වීම් ගැන වගකිව යුතු බව ඇය තවදුරටත් දන්වා ඇත.

මේ නඩුව පැවරූ ද්‍රවිඩ ජාතික මනෝජ් රෝයි නමැත්තා වෙනුවෙන් ඇමරිකාවේ ඉහළම නීතිවේදීන් වන ස්කොට් ගිල්ටෝර් සහ වෙයන් ජයරාජ පෙනී සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages