ජගත් කම්කරු සංවිධානය වගකීම් රැසක් ඉටු කළා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ජගත් කම්කරු සංවිධානය වගකීම් රැසක් ඉටු කළා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාලසීමාවේ දී යුතුකම් හා වගකීම් රැසක් ඉටුකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එහි දී ප්‍රධාන ලෙසම කාර්මික සාමය ඇති කිරීමට ගත් පියවර ඉතාම ප්‍රශංසනීය බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ දරුවන් පිළිබඳ ප්‍රශ්නයේ දී අන්තර්ජාතික ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කළ ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තිබෙන බවද කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, නෙළුම් පොකුණ රඟලේ දී ඊයේ (11) පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සර සැමරුම සඳහා සුබපැතුම් එක්කරමිනි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලැබූ සජීවී 24 - පැය ගෝලීය සංචාරයÓ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක් අතරින් රටවල් 24ක් තෝරාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ද ඊට අයත්විය.

සුවහසක් ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාව, සේවක ප්‍රජාව හා කම්කරු ක්ෂේත්‍රයට අදාළ සමාජ කොටස්කරුවන්, පාර්ශවයන් හා අත්වැල් බැඳගනිමින් පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුමට මෙහිදී ජනාධිපතිවරයා සිය සුබපැතුම් එක් කළේය.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි 1930 බලහත්කාරයෙන් සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රඥප්තියට සම්බන්ධ 2014 අංක 29 ප්‍රොටෝකෝලය (පී-29 නොහොත් P-29) අපරානුමත කිරීම සංකේථාත්මකව සිදුකෙරිණි. ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තිය අපරානුමත කළ දකුණු ආසියාවේ ප්‍රථම රාජ්‍යය වන අතර ආසියාවේ දෙවැනි රට බවට පත්විය.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 1930 බලහත්කාරයෙන් සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රඥප්තියට සම්බන්ධ 2014 අංක 29 ප්‍රොටෝකෝලය අපරානුමත කිරීම සංකේතාත්මකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රිං සිං මහත්මිය වෙත පිළිගන්වන ලද අතර මෙම සියවස් සැමරුම වෙනුවෙන් සම්පාදනය කරන ලද කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ කාර්තුමය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකා සේවක සඟරාවේ විශේෂ කලාපයක් ද එළිදැක්වීය. ඊට අමතරව තැපැල් හා තැපැල් සේවා අමාත්‍යාංශයේ සහයෝඟයෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රිං සිං, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages