එල්ටීටීඊය සමඟ අවි ජාවාරම් කළ පාතාලයෙක් කොටු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

එල්ටීටීඊය සමඟ අවි ජාවාරම් කළ පාතාලයෙක් කොටු

ගයාන් කුමාර වීරසිංහ

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් සමඟ අවි ජාවාරමක නිරත වූ පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පෙරේදා (11) සමත්ව ඇත.

වැල්ලම්පිටියේ පදිංචිකරුවකු වන ඔහු විදුරංග නොහොත් විශ්වා නමැති අයෙකි. ඔහු කඩුවෙල සමයංගේ පාතාල කල්ලියේ අයෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සමයං නමැති පාතාල කල්ලි නායකයා කළුතර දී බන්ධනාගාර බස් රථයක දී මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු එම කල්ලියට නායකත්වය දෙන්නේ ගොත අසංක නමැත්තා විසිනි. මිනිස් ඝාතන කිහිපයකට සැකපිට ඔහු මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. බන්ධනාගාරයේ සිට සමයංගේ කල්ලිය මෙහයවන ඔහු ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයා සමඟ එක්ව සිටින බව හෙළිවී තිබේ. හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් උතුරෙන් ගොඩගන්නා ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක ද මොවුන් දෙදෙනා නිරතව සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම අවි ජාවාරමට සම්බන්ධ එල්. ටී. ටී. ඊ. යේ හිටපු සාමාජිකයන් පිරිසක් මෙන්ම ගොත අසංකගේත් ගණේමුල්ලේ සංජීවගේත් ගෝලයන් 12 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන මේ වන විට පරීක්ෂණ කටයුතු පවත්වයි. හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් යොදා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව කළ පාතාල ඝාතන කිහිපයක තොරතුරු ද ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී තිබිණි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ඝාතන සැළසුමක් ද එහි දී අනාවරණය වූ බවත් ඒ සඳහා ඔවුන් යොදා ගන්නට සුදානම් කරගෙන සිටි ක්ලේමෝ බෝම්බයක් ඇතුළු උපකරණ කිහිපයක් ද හමු වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය විශ්වා නමැති සැකකරු අත්අඩංගුවට ගන්නේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ගොඩ ගන්නා අවි ආයුධ අලෙවි කිරීමේ අතරමැදියෙක් ලෙස කටයුතු කර ඇතැයි හෙළිවීමත් සමඟ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මාකඳුරේ මධුෂ්ගේ මෙරට ව්‍යාපාරික හවුල්කරුවකු වූ රිස්ඛාන් නමැත්තා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කරන්නට ඔත්තු බලා ඇත්තේද විශ්වා නමැති සැකකරු බව පරීක්ෂණවලින් හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. ගොත අසංක විසින් බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් ලබාදුන් උපදෙස්වලට අනුව තමන් රිස්ඛාන් ගැන ඔත්තු බැලූ බව ප්‍රශ්න කිරීම් හමුවේ විශ්වා පවසන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages