බීමත් රියදුරන් අල්ලන්න අද සිට විශේෂ මෙහෙයුමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

බීමත් රියදුරන් අල්ලන්න අද සිට විශේෂ මෙහෙයුමක්

ගයාන් කුමාර වීරසිංහ

උත්සව සමයේ මාරක රිය අනතුරුවලට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ බීමත්ව රිය ධාවනය කිරීම බැවින් අද (11) සිට ලබන 20 දක්වා දින දහයක් පුරා බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් දියත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඒ සදහා බීමත් රියදුරන් හදුනා ගැනීමට භාවිතා කරන ස්වයන පරීක්ෂණ නළ 25000 ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට බෙදාහැර ඇතැයිද රුවන් ගුණසේකර මහතා පැවැසීය.

2016 වසරේ බීමත් රියදුරන් 56835 දෙනෙක්ද, 2017 වසරේ බීමත් රියදුරන් 72819 දෙනෙක්ද, 2018 වසරේ බීමත් රියදුරන් 105094 දෙනෙක්ද 2019 වසරේ ජනවාර් සහ පෙබරවාරි මාස දෙකෙහි පමණක් බීමත් රියදුරන් 19342 දෙදෙනෙක්ද නීතියේ රැහැනට හසුකර ගෙන ඇතැයිද ගුණසේකර මහතා පවසයි.

සමස්තයක් ලෙස සැලකීමේදී මාරක රිය අනතුරු බහුලවම සිදුවන්නේද අප්‍රේල් මාසයේදී බව රුවන් ගුණසේකර මහතා කීය. 2016 වසරේ 268 ක්, 2017 වසරේ 320 ක් සහ 2018 වසරේ 296 ක් වශයෙන් අප්‍රේල් මාසවල මාරක අනතුරු සිදුව ඇතැයිද රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

උත්සව සමයේ කොළඹ සහ තදාසන්න නගරවල රථවාහන පාලන කටයුතු සදහා 1600 ක රථවාහන අංශයේ පොලිස් කණ්ඩායමක් යොදාවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

කොළඹ නගරයේ ආරක්ෂාවටද පොලිසියේ 800 ක් යොදා ඇති බවත් සිවිල් ඇදුම්න් සැරසුණු නිලධාරීන්ද ඒ අතර සිටින බවත් රුවන් ගුණසේකර මහතා කිය.

මහජනතාව රැවටීමට ලක්කරන වංචනික වෙළදුන් සහ ගැටකපන්නන් කොටුකර ගැනීමට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වැඩි අවධානයක් යොමුකර ඇතැයිද රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සදහන් කළේය.

පොලිස් මූලස්ථානයේ ඊයේ(10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රුවන් ගුණසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේය.

පොලිස් මූලස්ථානයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රුවන් ගුණසේකර මහතා මෙම තොරතුරු සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages