මහා පරා­ක්‍ර­ම­බාහු යුග­යෙන් පසු ලක් ඉති­හා­සයේ වාර්තා­ගත වී අස්වැන්න මෙවර මහ කන්නයේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

මහා පරා­ක්‍ර­ම­බාහු යුග­යෙන් පසු ලක් ඉති­හා­සයේ වාර්තා­ගත වී අස්වැන්න මෙවර මහ කන්නයේ

අපේ රටේ වැඩිම වී අස්වැන්න ලැබී තිබෙන්නේ පොළො­න්න­රුවේ මහා පරා­ක්‍ර­ම­බාහු යුගයේ දී බව සඳ­හන් වේ. මහා පරා­ක්‍ර­ම­බාහු රජුන් සාග­රය පර­යන මහා­වැව්, ඇළ­වේලි, අමුණු බඳවා සිදු කළ මහා කෘෂි­කා­ර්මික ප්‍රාති­හා­ර්යය හේතු­වෙන් අටු කොටු වී අස්ව­නු­ව­ලින් පිරී ඉතිරී ගියේය. එහි ප්‍රති­ප­ල­යක් වශ­යෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හඳු­න්වන ලද්දේ එව­කට “පෙර­දිග ධාන්‍යා­ගා­රය” යන ගෞරව නාම­යෙනි.

මහා පරා­ක්‍ර­ම­බාහු යුග­යෙන් පසු මෑත­කා­ලයේ දී අපේ රටේ ඉහ­ළම වී අස්වැන්න ලබා ගැනී­මට හැකි වුයේ 2018/19 මහ කන්නයේ දී වීම විශේ­ෂ­ත්ව­යකි. 2018 /19 මහා කන්නයේ දී මෙරට වගා කළ කුඹුරු ප්‍රමා­ණය අක්කර 1,664,175.32 ඉක්ම­වනු ලැබීය. ගොවීහු 905,374ක් මෙවර මහා කන්නයේ දී වී වගා කරනු ලැබ තිබේ.

එමෙන්ම මෙවර ලබා ඇති සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 30,00,000 ඉක්මවා තිබීම සැබ­වින්ම රටක් වශ­යෙන් අප ලද ජය­ග්‍ර­හ­ණ­යකි.

මෙවැනි වාර්තා­ගත වී අස්වැ­න්නක් ලබා ගැනී­මට හැකි වුයේ 2018/19 මහ කන්නයේ පම­ණක් නොවේ. 2018 යල කන්නයේ දී ද පළමු වරට වාර්තා­ගත වී අස්වැ­න්නක් ලබා ගැනී­මට අපිට හැකි­වු­යේය. සැබ­වින්ම යළ කන්නය යනු වී වගා­වට එත­රම් හිත­කර කන්න­යක් නොවේ. නිරිත දිග මෝසම් සුළඟ නිසා බට­හිර හා වයඹ ප්‍රදේ­ශ­ව­ල­ටත්, මධ්‍යම කඳු­ක­රයේ නැගෙ­න­හිර බෑවු­මට ලැබෙන වර්ෂාව මිස දිව­යිනේ සෙසු ප්‍ර දේශ­ව­ලට එත­රම් සැළ­කිය යුතු වර්ෂා­වක් නොලැබේ. මේ නිසා අහ­ස්වැ­ස්සෙන් තොරව වාරි ජල­යෙන් පම­ණක් පෝෂ­ණය වන කුඹුරු එත­රම් සාර­වත් වන්නේ නැත. එහෙත් 2018 යල කන්නයේ දී ද රට පුරා ඇද හැලුණු ධාරා­නි­පාත වර්ෂාව නිසා 868,029.33ක කුඹුරු අක්කර ප්‍රමා­ණ­යක් වගා කිරී­මට ගොවීන්ට හැකි විය. එමෙන්ම ගොවීහු 578,687 දෙනෙක් වී වගා කළහ. 2018 යළ කන්නයේ වී අස්වැන්න දෙස බලන විට එය ද වාර්තා­ගත අස්වැ­න්නකි. ඒ අනුව වී බුසල් මිලි­යන 73,466ක අස්වැ­න්නක් ලබා ගැනී­මට අපේ රටට හැකි­විය. මෙහි ඇති වැද­ගත්ම කාර­ණය නම් දිස්ත්‍රික්ක 7ක් හැරෙ­න්නට සෙසු සියලු දිස්ත්‍රි­ක්ක­වල අක්ක­ර­කට ලැබෙන අස්වැන්න වී බුසල් 80 ඉක්මවා තිබී­මයි. ඒ අනුව වැඩිම වී අස්වැන්න වළව කලා­ප­යෙන් වාර්තා වී ඇති අතර එය අක්ක­ර­ය­කට වී බුසල් 127කි. ඉන්ප­සුව වැඩිම අස්වැ­න්නක් හම්බ­න්තො­ටින් වාර්තා වන අතර, එය අක්ක­ර­ය­කට වී බුසල් 121.26කි. මහ­වැලි එච් කලා­පයේ අක්ක­ර­ය­කට වී බුසල් 110.18ක් ද , අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ අක්ක­ර­ය­කට වී බුසල් 102.06ක් ද, හා පොළො­න්න­රුවේ අක්ක­ර­ය­කට වී බුසල් 98.3ක් වශ­යෙන් පසු­ගිය යළ කන්නයේ අස්වනු වාර්තා විය.

ඉන් අන­තු­රුව 2018/19 මාස් කන්නයේ දී ලද අස්වැන්න පිලි­බඳ දැනට නිසි ඇග­යී­මක් කර නැතත් හෙක්ටෙ­යාර් එක­කට මෙට්‍රික් ටොන් 03.05ක වී අස්වැ­න්නක් ලබා ඇති බව පෙනේ. තව­මත් ඇතැම් ප්‍රදේ­ශ­වල වී අස්වනු නෙළා ගනි­මින් සිටින බැවින් එක් එක් දිස්ත්‍රි­ක්ක­ව­ලින් ලැබුණු අස්වැන්න නිශ්චි­ත­වම කිව නොහැ­කිය.

එහෙත් කුඹුරු හෙක්ටෙ­යාර් 8,50,000කට වැඩි ප්‍රමා­ණ­යක් අස්වැ­ද්දීම මගින් පෙනෙ­නුයේ මෙවර දිව­යිනේ කුඹු­රු­ව­ලින් සිය­යට 98ක් ම වගා කිරී­මට හැකිව ඇති බවයි.

එප­ම­ණක් නොව වී වගාව දිරි­මත් කිරීම සඳහා වත්මන් රජය පිය­වර රැසක් ගත්තේය. ඒ අතර පුරන් කුඹුරු සිය­ල්ලම නැවත අස්වැ­ද්දීම සඳහා කට­යුතු කිරීම වැද­ගත් තීර­ණ­යකි. අපේ රටේ වගා නොක­රණ සමස්ත පුරන් කුඹුරු ප්‍රමා­ණය අක්කර 1,40,000කි. ඉන් අක්කර 1,14,000ක් කිසිදු අප­හ­සු­ව­කින් තොරව වී වගා කළ හැකි වුවද, ඒවායේ අයි­ති­ක­රු­වන් විදේශ ගත­වීම, ශ්‍රමික හිගය වැනි කරුනු නිසා ඒවා අස්ව­ද්දනු නොලැබ තිබිණි. නමුත් රජය ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ මෙහෙ­ය­වී­මෙන් පුරන් කුඹුරු අස්වැ­ද්දී­මට වෙනත් පුද්ග­ල­යන් වෙත එම කුඹුරු බාර දෙනු ලැබීය. එහි ප්‍රති­ප­ල­යක් වශ­යෙන් මෙතෙක් වගා නොක­රන ලද කුඹුරු අක්කර 27,000ක් වගා කිරී­මට හැකි­යාව ලැබිනි.

අනෙක් කරුණ නම් හිග­ය­කින් තොරව පොහොර ලබා දීමට රජය අවශ්‍ය පිය­වර ගැනී­මයි. පසු­ගිය කාලයේ ගොවි ජන­තාව මුහුණ දුන් ප්‍රධාන ගැට­ලුව වුයේ කුඹුරු වගා කරන කාල­යට ඇති වන පොහොර හිග­යයි. නමුත් 2018 යළ කන්නයේ මෙන්ම 2018 /19 මහ කන්න­යේදී කිසිදු පොහොර හිග­යක් ඇති නොවීය. ගොවි

ජන­තා­වට තම වගා­වන්ට අවශ්‍ය පරිදි රසා­ය­නික පොහොර හිග­ය­කින් තොරව ලබා දීමට රජ­යට හැකි වීම සැබ­වින්ම අගය කළ යුතුය.

රජය පොහොර සහ­නා­ධා­රය යටතේ අක්කර 5ට අඩු සිය­ලුම කුඹුරු ඉඩ­ම්ව­ලට යුරියා කිලෝ­ග්‍රෑම් 50ක මල්ලක් රුපි­යල් 500ක සහන මුද­ල­කට ලබා දීමට පිය­වර ගත්තේය. එමෙන්ම යුරියා පම­ණක් නොව ත්‍රිත්ව සුපිරි පොහොර TSP, MOP- Murate of Potash යන පොහොර වර්ග ද සහන මිලට ලබා දුන්නේය. විශේෂ කාර­ණය වන්නේ පොහොර බෙදා­දීමේ දී කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ ජාතික පොහොර ලේකම් කාර්යා­ලය විසින් දක්වන ලද කාර්ය­ක්ෂ­ම­තා­ව­යයි. රජ­රට ඇතුළු ප්‍රදේශ ගණ­නා­වක පැතිරී ගිය හඳුනා නොගත් වකු­ගඩු රෝග­යට ප්‍රධාන හේතු­වක් වුයේ එව­කට පැවැති රජය අඩු මුද­ල­කට අප්‍රි­කානු රට­කින් මෙර­ටට ආන­ය­නය කරන ලද බාල පොහොර වර්ග­යක් නිසා බව නොර­හ­සකි.

එහෙත් රජය විසින් විදි­මත් ප්‍රස­ම්පා­දන ක්‍රමය අනු­ග­ම­නය කර­මින් තත්ත්ව­යෙන් උසස් පොහොර ආන­ය­නය කිරී­මට පිය­වර ගත් අතර, ගොවීන්ට කිසිදු හිග­ය­කින් තොරව වී වගාව සඳහා පොහොර ලබා දීම සඳහා සහ­නා­ධාර යටතේ ලබා දෙන පොහොර සිය­ලුම ගොවි ජන සංව­ර්ධන මධ්‍ය­ස්ථාන මගින් ද, වෙනත් බෝග­වර්ග සඳහා අවශ්‍ය පොහොර නියෝ­ජිත අංශ මගින් ද බෙදා දෙනු ලැබීය.

මෙවර වැද­ගත්ම කාර­ණය නම් ගොවි සමිති හරහා පොහොර නිකුත් කිරී­මට පිය­වර නොගැ­නී­මත්, කිසිදු පොහොර හිග­යක් දිව­යිනේ කුමන දිස්ත්‍රි­ක්ක­ය­කින් හෝ වාර්තා නොවී­මයි.

අනෙක් කාර­ණය නම් විදි­මත් පරිදි දිව­යින පුරාම වර්ෂාව ඉතා­මත් හොඳින් ලැබී­මයි. දිව­යිනේ සිය­ලුම දිස්ත්‍රික්ක ආව­ර­ණය වන පරිදි වර්ෂාව ලැබී තිබුනු හෙයින් සිය­ලුම ජලාශ, වැව්, අමුණු ගංඟා සිය­යට 98 ඉක්ම­ව­මින් ජල­යෙන් පිරී ගියේය. ඒ අත­රම උතුරු මැද පළාත ඇතුලු දිස්ත්‍රික්ක ගණ­නා­ව­කට මොර­ග­හ­කන්ද අති විශිෂ්ඨ වාරි ව්‍යාපෘ­තියේ ජල කඳ නොඅ­ඩුව ලැබීම ද මෙවර වී අස්වැන්න ඉහළ යාමට හේතු වු බව කිව යුතුය.

විශේ­ෂ­යෙන් ජනා­ධි­ප­ති­තු­මන්ගේ සිහි­න­යක් ඵල දර­මින් ඉදි කළ මොර­ග­හ­කන්ද, මෙම රජය බල­යට පත් නොව­න්නට කිසි දිනෙක ඉදි නොකෙ­රෙන වාරි ව්‍යාපෘ­ති­යක් විය. නමුත් මොර­ග­හ­කන්ද ජලාශ සිහි­නය යථා­ර්ත­යක් බවට පත්වෙ­මින් දැන් එම ජල කඳ සංහි­ඳි­යාවේ ජලා­ශය බවට පත්වී රජ­රට පම­ණක් නොව වයඹ, උතුර, නැගෙ­න­හිර ඇතුළු පළාත් ගණ­නා­වක කෙත්බිම් සරු­ක­ර­මින් දිය­වර සප­ය­මින් සිටී.

රජය දිව­යිනේ වැව් වලින් විශාල ප්‍රමා­ණ­යක් ප්‍රති­සං­ව­ර්ධ­නය කිරී­මට පිය­වර ගැනීම ද වී අස්වැන්න ඉහළ යාමට හේතු වු බව පෙනේ. අපේ පුරාණ වාරි පද්ධ­තිය වසර ගණ­නා­වක් තිස්සේ නොස­ළකා හැර තිබිණි. පැවැති රජය අධි­වේගි මාර්ග ඉදි කිරීම, පාර­වල් කාපට් කිරී­මට හා ගොඩ­නැ­ගිලි ඉදි කිරී­මට ලබා දී තිබු ප්‍රමු­ඛ­ත්වය වැව් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ලබා දී නොති­බිණි. එම නිසා ග්‍රාමීය කුඩා වැව් සිය­ල්ලම මඩ­රො­ල්ලෙන් වැසී ගොඩ වී ගියේය. එහෙත් ඒවා ප්‍රති­සං­ස්ක­ර­ණය කර­න්නට කිසි­වෙක් හෝ පිය­වර ගත්තේ නැත.

අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දෙස් පරිදි සියලු ග්‍රාමීය වැව් ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා 2018 වසරේ රුපි­යල් මිලි­යන 3500ක මුද­ලක් ලබා දුන්නේය. එම මුදල් වැය කර වැව් හා අමුණු 550ක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ අතර 2019 අය­වැය ලේඛ­න­යෙන්ද ඊට මුල්‍ය ප්‍රති­පා­දන වෙන් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි. මෙම කුඩා වැව් පිළි­ස­කර කිරීම හේතු­වෙන් එම වැව් යටතේ තිබු පුරන් කුඹුරු සිය­ල්ලම මෙවර වගා කිරී­මට හැකි­විය.

අනෙක් කරුණ නම් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ඉහළ අස්වැ­න්නක් ලබා ගත හැකි නව බීජ වර්ග හඳුන්වා දීමයි. ඒ අනුව BG3-5, BG 407, BG 745, BG 455, BG 38, BG 379 , BG 480, BG 403 මහ­සෙන් වැනි නව වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබී­මත් අස්වනු ඉහළ යාමට හේතු­විය. නිසි කලට සිදු කරන වගා­වෙන් වී වගාව කෘමි හානි­ව­ලට ලක් නොවී වැඩි අස්වැ­න්නක් ලබා ගැනී­මට හැකි­බව පසු­ගිය යල කන්නයේ දී මෙන්ම මෙවර මහ කන්නයේ දී ද සනාථ කරනු ලැබ තිබේ. එප­ම­ණක් නොව නිසි කළ­ම­නා­ක­ර­ණ­ය­කින් යුක්තව කට­යුතු කිරීම තුළ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මෙන්ම කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ද තම වග­කීම නොපි­රි‍හෙලා ඉටු කරනු ලැබීම මගින් මෙකී සාර්ථ­ක­ත්වය අත් කර­ගනු ලැබීය.

ධර්ම වන්නි­නා­යක
අධ්‍යක්ෂ මහ­ජන සම්බ­න්ධතා
අග්‍රා­මාත්‍ය කාර්යා­ලය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages