ජනපති ප්‍රංශයට සොව පළකරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-17

ජනපති ප්‍රංශයට සොව පළකරයි

ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය කණගාටුව ප්‍රකාශ කරයි.
 
සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට කණගාටුව ප්‍රකාශ කර ඇති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සියවසකට වඩා ඉපැරණි නොත්‍රදාම් දේවස්ථානය යළි නගා සිටුවිම සදහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දෙන බව සදහන් කර ඇත.
 
ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දේවස්ථාන ‍යේ හදිසියේ ඇති වූ ගින්නෙන් එහි වහලය සම්පූර්ණයෙන්ම විනාශ වුවත්
ජේසුතුමන් කුරුසිපත්වන අවස්ථාවේ පැළැඳි 'ශුද්ධ වූ කටු ඔටුන්න' තවමත් සුරැකිව පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි‍.
 
ඕක් ගස් දෙදහසක් පමණ වැය කර දැවයෙන්ම නිම වූ වහලය විනාශ වූව ද දේවස්ථානයේ යට කොටස සුළු අලාභහානි සහිතව බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවීමේ සේවාව සමත් වී තිබේ.
 
2013 වසරේ දී 850වැනි සංවත්සරය සනිටුහන් කළ මෙම දේවස්ථානය ඉදි කිරීමට වසර 182ක් ගත වී ඇත. ඒ අනුව 12 වැනි සියවසේ දී ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත්තේ 13වැනි සියවසේ දීය. එකවර බැතිමතුන් 6,000කට වැඩි පිරිසකට රැඳී සිටිය හැකි නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ හදවත ලෙස හැඳින්වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages