පයාගල වෙඩි පිටිය විවෘත කර දෙන්නැයි ජාතික සංගමයෙන් ඉල්ලීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

පයාගල වෙඩි පිටිය විවෘත කර දෙන්නැයි ජාතික සංගමයෙන් ඉල්ලීමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වෙඩි පිටි හා හමුදා පුහුණු පනතේ විධිවිධාන ප්‍රකාරව විධිමත් ලෙස ස්ථාපිත කොට නොමැති වෙඩි පිටි ලෙස සලකා හදිසියේම වසා දැමුණු කළුතර පයාගල පිහිටි වෙඩි පිටිය නැවැත විවෘත කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට ලබාදෙන ලෙස ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති ශිරන්ත පීරිස් මහතා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට ඇති එකම වෙඩි පිටිය වූ මෙයින් ජාත්‍යන්තර තලයට විශාල පිරිසක් දායාද කොට ඇති හෙයින් ඉක්මණින් මෙය නැවැත විවෘත කළ යුතුව ඇතැයි වෙඩි තැබීමේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

කොළඹ එන්. සී. සී. ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති ශිරන්ත පීරිස් මහතා මේ ඉල්ලීම කළේය. වෙඩි පිටි හා හමුදා පුහුණු පනතේ විධිවිධාන ප්‍රකාරව විධිමත් ලෙස ස්ථාපිත කොට නොමැති බව පවසා කොච්චිකඩේ, මහනුවර හා වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි තවත් වෙඩි පිටි තුනක් වසා දමා ඇතත් ජාතික වෙඩි තැබීමේ සංගමය සෘජුව මැදිහත්වන කළුතර පයාගල පිහිටි වෙඩි පිටිය ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ දියුණුවට විශාල වැදගත්කමක් ඇතැයි පැවැසීය.

“වසර 2008දී කළුතර පයාගල පිහිටි වෙඩි පිටිය හිටපු ක්‍රීඩා ඇමැති ලොකුගේ මහතා විවෘත කළා. මෙහි ප්‍රධාන තරගාවලි රැසක් අප සංවිධාන කළා. ලෝකයේ උසස්ම විනිසුරුවන් එම තරගාවලි අධීක්ෂණය කළා. වෙඩි පිටියේ ප්‍රමිතිය පිළිබඳ මෙතෙක් කිසිදු ප්‍රශ්නයක් මතුවුණේ නෑ. ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නමුත් මේක පෞද්ගලික පළිගැනීමක්. ක්‍රීඩාවේ දියුණුවක් මෙයින් අපේක්ෂා කරන්න බෑ”

“දකුණු ආසියා හා වෙනත් ජාතයන්තර තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරද්දී මේ වෙඩි පිටියේ පුහුණුව ඉතා වැදගත්. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් තරගයකට අපේ ක්‍රීඩකයන් ගියා. ඔවුන්ගේ දස්කම් පහළට ගොස් තිබුණා. නිසි පුහුණුවක් නොළැඹීමෙන් ඒ තත්ත්වය හට ගත්තේ. මේ වෙඩි පිටිය විවෘත නොකළොත් ක්‍රීඩාව නැත්තටම නැතිවිය හැකියි” පීරිස් මහතා පැවැසීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් වෙඩි තැබීමේ ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී කපිලදේව කෝස්තා මහතා එක්ව සිටි අතර, ජාතික වෙඩි තැබීමේ සංගමයේ ලේකම් ඇතුළු විධායක නිලධාරීන් ද, වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ කිහිපියක නිලධාරීහු පිරිසක් ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages