විදුලිබල අර්බුදය විසඳීමට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

විදුලිබල අර්බුදය විසඳීමට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්

සිතාරා සේනානි, චමීර ඇල්ලදෙණිය

වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර තිබේ. අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ මෙම කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත ය.

මුදල් ඇමැති මංගල සමරවීර, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණනායක, මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් හා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැතිසාගල රත්නායක යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති.

මේ කමිටුව පත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණනායක මහතා ඉදිරිපත් කර ඇති අතර, එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages