විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ දී පොලිස් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ දී පොලිස් අත්අඩංගුවට

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.

ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.

ලංඩන් නගරාධිපති සජිඩ් ජාවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සනාථ කළේය.

ලංඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවය.

අසාන්ජ් දිගින් දිගටම ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කළ බැවින් ඔහුට ලබාදී තිබු රැකවරණය ඉවත් කරගත් බව එක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ පවසයි.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වමින් විකිලීක්ස් පැවසුවේ අසාන්ජ්ට ලබා දී තිබු දේශපාලන රැකවරණය ඉවත් කිරීමට එක්වදෝර් බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්ය.

ඇමෙරිකාවද අසාන්ජ් තම රටට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටී. ඒ ඇමෙරිකානු රහස්‍ය තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙනි.

මූලාශ්‍ර


No comments:

Post a Comment

Post Bottom Ad

Pages