මණ්‌ඩතිව් ඉඩම් මැනීමට ගිය මිනුම්දෝරුවන් TNA මන්ත‍්‍රීන් විසින් පන්නා දමයි.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

මණ්‌ඩතිව් ඉඩම් මැනීමට ගිය මිනුම්දෝරුවන් TNA මන්ත‍්‍රීන් විසින් පන්නා දමයි..

යාපනයේ මණ්‌ඩතිව් පළාතෙන් ඉඩම් අක්‌කර 18 ක්‌ නාවික හමුදාවට ලබාදීම සඳහා මිනුම් කටයුතු කිරීමට පැමිණි මිනින්දොaරු නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විරෝධය දැක්‌වීම නිසා ඊයේ (11 දා) දහවල් මණ්‌ඩතිව් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හට ගැනුණි.

මෙසේ ලබාදීමට යන ඉඩම් අක්‌කර 18 ට අයිතිකරුවන් සිටින බව පවසමින් එම අයිතිකරුවන් හා ගම්වාසීන් පැමිණ මිනින්දොaරු නිලධාරීන්ට පිටව යන ලෙස කියමින් කෑ ගසා තිබේ. ජනතාවගේ විරෝධය මැද මිනුම් කටයුතු සිදුකිරීමට ගිය අවස්‌ථාවේදී මිනින්දොaරු නිලධාරීන්ට ජනතාව බාධා කොට තිබේ.

වහාම මේ ස්‌ථානයට පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළ අතර පසුව තීරණයක්‌ ගන්නා තුරු මිණුම් කටයුතු නවතා දමා තිබේ.

යාපනයේ මණ්‌ඩතිව් ජනතාව කියා සිටින්නේ උතුරේ වැසියන්ට අයත් බලපත්‍ර ඇති ඉඩම් ආරක්‍ෂක අංශවල හා රජයේ අවශ්‍යතාවන්ට ලබා ගැනීම අසාධාරණයක්‌ බවයි.

ඩිදුර පරීක්‍ෂණවල නියෑලී සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages