පොදු­ රා­ජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උළෙ­ලට කාන්තා විස්සයි 20 - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-22

පොදු­ රා­ජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උළෙ­ලට කාන්තා විස්සයි 20

ලබන 2022 වස­රේදී පැවැ­ත්වී­මට නිය­මිත පොදු­රා­ජ්‍යය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උළෙලේ පැවැ­ත්වී­මට නිය­මිත තරග ඉසව් අත­රට විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරග ඇතු­ළත් කිරීම සම්බ­න්ධව සිදු­ක­රන ලද ලංසු ඉදි­රි­පත් කිරී­මේදී එය ක්‍රීඩා ඉස­ව්වක් ලෙස අනු­මත කිරීම සඳහා වන සාමා­ජි­ක­යන්ගේ මත විම­සුම සඳහා ඉදි­රි­පත් කිරී­මට පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා සම්මා­ල­නයේ අනු­මැ­තිය හිමිව තිබේ.

කෙසේ වෙතත් අදාළ තර­ගා­ව­ලිය සඳහා කාන්තා විස්සයි 20 ක්‍රීඩා ඉසව්ව ඇතු­ළත් කර­න්නේද නැද්ද යන්න පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා සම්මේ­ල­නයේ සාමා­ජික සංගම් 71ක ඡන්ද විම­සී­මෙන් අන­තු­රුව තීර­ණය වන අතර එම සම්බ­න්ධව වූ තීර­ණය ඉදිරි සති හයක කාල­යක් ඇතු­ළ­තදී අව­සන් නිඟ­ම­න­ය­කට පැමි­ණෙනු ඇත. 2018 වසරේ පැවැති කාන්තා විස්සයි 20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය අව­සන් වී දින­කට පසු ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සහ එංග­ලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආය­ත­නය ඒකා­බ­ද්ධව අදාළ ලංසුව ඉදි­රි­පත් කරනු ලැබූ අතර පොදු­රාජ්‍ය මණ්ඩ­ලය ක්‍රීඩා තර­ගා­ව­ලියේ තරග ඉස­ව්වක් ලෙසින් මේ තරග ඉසව්ව ඇතු­ළත් කරන්නේ නම් ඒ පිළි­බ­ඳව පූර්ණ සහ­යෝ­ගය ලබා­දී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සූදා­න­මින් පසු­වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages