බැතිමතුන්ගේ පහසුව තකා මිහින්තලාවට ස්ථිර විදුලි පද්ධතියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

බැතිමතුන්ගේ පහසුව තකා මිහින්තලාවට ස්ථිර විදුලි පද්ධතියක්

ඓතිහාසික මිහින්තලා රජමහා විහාර පුද බිම රාත්‍රි කාලයේදී ද බැතිමතුන්ට පහසුවෙන් වැඳපුදා ගැනීමට හැකි අයුරින් ආලෝකමත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වි තිබේ.

ඒ පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා පෙරේදා (22) විශේෂ සාකච්ඡාවකට මිහින්තලා රජමහා විහාර පුදබිමට ගියේය.

මිහින්තලා රජමහා විහාරාධිපති අතිපුජ්‍ය වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමිගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මිහින්තලා පුදබිම ආලෝකමත් කිරීමට අවධානය යොමුකර ඇත. මේ අනුව සී.සි.ටී.වී කැමරා සවි කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම ද සිදු කෙරේ.

මේ පිළිබඳ පැවැති සාකච්ඡාවලින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වු මිහින්තලා රජමහා විහාරාධිපති අති පුජ්‍ය වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමි,

මෙහි විදුලි පද්ධතිය නිසි අයුරින් ක්‍රියා නොවීම හේතු කොට ගෙන විශේෂයෙන් රාත්‍රි කාලයේ පැමිණෙන සැදැහැවතුන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දුෂ්කරතා අප ප්‍රායෝගික අත්වින්ඳා. මේ පිළිබඳ කිහිප විටකදීම පැවැති රජය සහ පවතින රජයටත් ලිඛිතව, වාචිකව දැනුම් දුන්නා. මේ පොසොන් දවසේ ද ඒ පිළිබඳ අග්‍රාමාත්‍යතුමන්ගෙන් ඉල්ලීමක් කළා. එයට ප්‍රතිචාර ලෙස ස්ථිර විදුලි පද්ධතියක් ලබා දීමෙන් රාත්‍රි කාලයේ ද දෙස් විදෙස් සංචාරකයින්ට වන්දනාමාන කිරීමට අවස්තාව සැලසනවා.

එමෙන්ම පුරාවස්තු ආරක්ෂ කරගනිමින් පුරාවිද්‍යා නිර්දේෂ මත මේ කටයුතු ඉටු කරන්න එකඟතාව පළකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනාටම ස්තුතිවන්ත වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙහිදි අදහස් දැක්වු විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා පැවැසුවේ බැතිමතුන්ගේ මෙන්ම විදේශීය සංචාරකයින්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් පුදබිම ආලෝකමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම, සි.සි.ටි.වි කැමරා සවිකිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කඩිනමින් ක්‍රියා කරන බවයි.

නායක ස්වාමින් වහන්සේ පොසොන් දවසේ වැදගත් ඉල්ලිමක් කළා ,අගමැතිතුමන් ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඔක්තොම්බර් මාසයේ පස්වනදා ඒ වැඩ නිමකරන්න කමිටුවක් පත්කර වැඩ ආරම්භ කළා.

ස්වාමින් වහන්සේගේ අදහස් බොහොම වටිනවා. අපට කනගාටුයි මෙතරම් ප්‍රමාද වීම ගැන. අප හැකි ඉක්මනින් අවසන් කරනවා.

සටහන හා ජායාරුප අනුරාධපුර අතිරේක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages