පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණගේ මව අභාවප්‍රාප්ත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණගේ මව අභාවප්‍රාප්ත වෙයි

අධ්‍යාපන ඇතුළු අමාත්‍යධුර කිහිපයක්ම දැරූ කෘතහස්ත දේශපාඥයෙකු වූ රිචර්ඩ් පතිරණ මහතාගේ ආදරණීය බිරිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා හා දියණියන් දෙදෙනකුගේ දයාබර මෑණියන් ද වූ විජිතා පතිරණ මහත්මිය ඉකුත් (22) අභාවප්‍රාප්ත වුවාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (22) විජිතා පතිරණ මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදී. මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක්විය.

මියයන විට 82 වියේ පසුවූ විජිතා පතිරණ මහත්මිය උණවටුන ගුරු විදුහලේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළාය.

දේහය මේ වනවිට ගාල්ල කිතුලම්පිටිය සිල්වරීන් නිවෙසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (24) ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

හිනිදුම විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages