දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-29

දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

මධ්‍යම රාත්‍රීයේ දුම්රිය සේවක වර්ජනය අවසන්වීමත් සමග මේ වන විට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

වැටුප් විෂමතා ගැටළුව මුල් කර ගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ පැය 24 ක දුම්රිය සේවක වැඩවර්ජනයෙන් මගීන් පත් වූයේ දැඩි දුෂ්කරතාවකටයි.

වැඩවර්ජනයත් සමග දෛනික දුම්රිය ගමන්වාර 340 කින් ධාවනය කර ඇත්තේ ගමන්වාර 27 ක් පමණි.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී සේවකයින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දුගෙන් ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කළ බවයි.

ඒ අනුව අදාළ වැඩවර්ජනයක් සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඉදිරි දිනවලදී වැඩවර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති නායකයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.

ඒ අනුව හදිසි නීති රෙගුලාසි කඩ කිරීමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසමින් ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages