මිහින්තලා පුදබිමේ ඓතිහාසිකත්වය රැකගනිමින් නවීකරණයට පියවර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-28

මිහින්තලා පුදබිමේ ඓතිහාසිකත්වය රැකගනිමින් නවීකරණයට පියවර

මිහින්තලා පුදබිමේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින්  නවීකරණ කටයුතු සිදුකළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
 
ඇමතිවරයා මෙම අදහස් පළකළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
 
"ඔක්තෝබර් මාසේ 05 දා වනවිට මේ විහාරස්ථාන භූමියේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අගමැතිතුමා පොසොන් පොහොයදා මෙම ස්ථානයට පැමිණ පොරොන්දු වූ පරිදි මෙම කටයතු සිදු කරනවා. ඒ වෙනුවෙන් වන මූලික සාකච්ඡා ආරම්භ වුණා.
 
මෙම ස්ථානය දෙආකාරයකින් නවීකරණය කරනවා. ප්‍රධානම වශයෙන් මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින් මෙම නවීකරණ කටයුතු සිදුකරන්න අපි පියවර ගන්නවා. මෙම ස්ථානය නරඹන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් ඒ තුළින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා නායක ස්වාමීන්වහන්සේ අපට පෙන්නලා දුන්නා.  උන්වහන්සේගේ අනුදැනුම සහ අනුශාසනා අනුව අපි මෙහි නවීකරණ කටයුතු සිදු කරනවා. පෝය දින හැරෙන්නට සවස් කාලය වෙද්දි මෙම ස්ථානයට පැමිණීම ටිකක් දුෂ්කරයි. ලංවිම මගින් මෙම ස්ථානයට විදුලිබල සැපයුම තුළින් වෙනසක් ලබාදීලා තිබෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.“

No comments:

Post a Comment

Post Bottom Ad

Pages