පාසල් සිසුන් වෙනුවෙන් පෝෂණ සහල් නොමිලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-25

පාසල් සිසුන් වෙනුවෙන් පෝෂණ සහල් නොමිලේ

දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය ඉහළ දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කර පාසැල් දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවෙසීය.
 
මෙහි මූලික අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල 5 වසරෙන් පහළ සියලු දරුවන්ට විශේෂ ඛනිජ ලවන එක්කර සහල්වලින් නිෂ්පාදනය වන ආහාර නොමිලේ ලබාදෙයි. ඒ අනුව මෙම වැඩසටහන ආරම්භ කිරීම සහ ඒ පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (24) පෙරවරුවේ සීගිරිය සංචාරක නිකේතනයකදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය පී. හැරිසන් මහතා මේ බව පැවසීය.
 
කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා එහිදී කියා සිටියේ මෙම විශේෂ සහල් අනුභව කිරීමෙන් කුඩා දරුවන්ගේ මන්දපෝෂණය දුරු වන බවත් දරුවන්ගේ වර්ධන හැකියාව හා ධාරණ ශක්තිය වැඩි වන බවත්ය. 
 
මෙම නව සහල්වලට තවමත් නමක් තබා නැති බවත් මේ සඳහා දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 500ක් පමණ තෝරාගෙන ඇති බවත් පසුව සහල් වැඩසටහන දිවයින පුරා සෑම පාසලකම 5 වසරට පහළ දරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
එසේම මෙම සහල් සැකසීමේ කටයුතු බුල්නෑව ප්‍රදේශයේ සහල් මෝලක සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages