කිරින්දේදී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-25

කිරින්දේදී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි (23) දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.
 
මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික විජේසුරිය (38) (ව්‍යාපාරික), නෙසත්මා සහන්දි විජේසුරිය (06) , නදිශා ඉනොමි විජේසුරිය (04) යන අයයි.
 
මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිද නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.
 
අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිද වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සො සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද (25) පස්වරු 4 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර ඇත.
 
මිය ගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියළුම කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල් වලින් සරසා ඇත.
 
අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලි හුස්ම හිර විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි වන එච්.ටි.ඩබ්ලිව් අජිත් කුමාර මහතා විසින් නිගමනය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages