යුද හමුදාවේ ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරියෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

යුද හමුදාවේ ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරියෙන්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරටත් සංවිධාන කළ සුහදත්වයෙන් පිරුණු ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය ඊයේ පැවැත්විණි.

මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය අසලින් ආරම්භ වී මරදාන, පංචිකාවත්ත, ආමර්වීදිය, කොටහේන හන්දිය, පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ හරහා කිලෝමීටර් 22.9 ක් දුරක් ගෙවා ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපිටින් නිමාවට පත්විය.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත පැවැති මේ ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරිය යුද හමුදා සාමාජිකයන්ට සහ සිවිල් සමාජයන්හී ඕනෑම වයස් කාණ්ඩයක සාමාජිකයන් සඳහා ද විවෘතව පැවැත්විණි.

මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග සභාපති ලෙස කටයුතු කරනු ලබන යුද හමුදා පාපැදි කමිටුව විසින් සංවිධාන කරනු ලබන ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරිය සඳහා සියලු රෙජිමේන්තු නියෝජනය කරන යුද හමුදා සාමාජිකයන්, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් පාපැදිකරුවන් සියගණනක් සහභාගි වූහ.

යුද හමුදා පාපැදි කමිටුවේ ආරාධනයට අනුව මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආරම්භක සංඥාව ලබාදීමෙන් අනතුරුව මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදියෙන් ආරම්භ විය.

මේ අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද හමුදා පාපැදි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග මහත්වරුද සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages