අන්තර් පාසල් පාපන්දු සැණකෙළියේ පිරිමි-කාන්තා ශූරතා දෙකම කෑගල්ලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

අන්තර් පාසල් පාපන්දු සැණකෙළියේ පිරිමි-කාන්තා ශූරතා දෙකම කෑගල්ලට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

බාබුල් හසන් පල්ලේ⁣කලුගල විදුහල් ජය පැන් බොති

බාසිලෝනාහී පැවැත්වෙන මයිලෝ චැම්පියන්ස් කප් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති 12න් පහළ පිරිමි හා කාන්තා සමස්ත ලංකා අන්තර් පාසල් පාපන්දු සැණකෙළියේ පිරිමි ශූරතාව කෑගල්ල බාබුල් හසන් විදුහලට හා කාන්තා ශූරතාව කෑගල්ල පල්⁣ලේකලුගල විදුහලට හිමි වෙයි. සියලුම දිස්ත්‍රික්ක පරාජය කරමින් පිරිමි - කාන්තා ශූරතා දෙකම එකම දිස්ත්‍රික්කයක් හිමිකර ගැනීම මෙවර විශේෂත්වයකි.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පිරිමි අවසන් තරගයේදී කෑගල්ල බාබුල් හසන් විදුහල හා කින්නියා අල් අමීන් විදුහල නියමිත කාලයේදී ගෝල් 2ක බැගින් වාර්තා කිරීම හේතුවෙන් දඬුවම් පහර පිරිනැමුණු අතර එහිදී ගෝල් 3-2කින් කෑගල්ල බාබුල් හසන් විදුහල ජය වාර්තා කළේය.

කාන්තා අවසන් තරගයේදී පොළොන්නරුව බැදි වැව විදුහල හා කෑගල්ල පල්ලේකලුගල මහා විදුහල අතර තරගය ගෝල් 3-3ක් වූ බැවින් ජයග්‍රහණය තීරණය කිරීම උදෙසා දඬුවම් පහර පිරිනැමුණි. එහිදී දඬුවම් පහර 2-1කින් පල්ලේකලුගල මහා විදුහල ජය වාර්තා කළේය.

පිරිමි අවසන් තරගයට පිවිසි කෑගල්ල බාබුල් හසන් විදුහල අවසන් පූර්ව තරගයේදී ගෝල් 2-0කින් යාපනය ඉලවාලී සාන්ත හෙන්රීස් විදුහල පරාජය කළ අතර කින්නියා අල් අමීන් විදුහල ගෝල් 2-0කින් යාපනය සාන්ත ජෝන් විදුහල පරාජය කළේය.

මේ හේතුවෙන් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය යාපනය ඉලවාලී සාන්ත හෙන්රීස් විදුහල හා සාන්ත ජෝන් විදුහල අතර පැවැත්වුණි. එහිදි ගෝල් 3-2ක තියුණු තරගයකින් ඉලවේලී සාන්ත හෙන්රීස් විදුහල ජය වාර්තා කළේය. කාන්තා අවසන් තරගයට පිවිසි පොළොන්නරුව බැදි වැව මහා විදුහල අවසන් පූර්ව තරගයේදී ගෝල් 2-0කින් කුරුණෑගල මලියදේව විදුහල පරාජය කළ අතර කෑගල්ල පල්ලේකලුගල විදුහල ගෝල් 2-0කින් කඩලවල වෙල විදුහල පරාජය කළේය. කාන්තා අංශයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී කුරුණෑගල මලියදේව විදුහල හා කඩලවෙල වෙල විදුහල නියමිත කාලයේදී ගෝල් වාර්තා නොකළ හෙයින් දඬුවම් පහර 1-0ක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල ජය හිමිකර ගත්තේය.

බාර්සිලෝනා හී පැවැත්වෙන මයිලෝ චැම්පියන්ස් කප් තරග සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 5ක් හා ක්‍රීඩිකාවන් 3ක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන අවසන් පුහුණු කඳවුර මේ 29 වැනිදා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදුකිරීමට කටයුතු යොදා ඇත.

වයස අවුරුදු 12න් පහළ පිරිමි හා කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික පිරිසක් පාසල් 32කින් අවසන් අදියරේ තරගාවලියට එක්වූ අතර එම කණ්ඩායමකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5බැගින් පුහුණු කඳවුරට තෝරා ගෙන ඇත.

බාසිලෝනා තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනා ඉදිරි කාලයේදී බාසිලෝනාහීදී ජාත්‍යන්තර පාපන්දු අත්දැකීම් ලැබීමට වාසනාවන්ත වන අතර මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, කොලොම්බියාව, චිලී, ජැමෙයිකාව, ට්‍රිනිඩෑඩ් හා ටොබාගෝ යන කණ්ඩායම් සමග තරගාවලියකට ද එක්වෙති. මේ තරගාවලිය එක් පිලකට අට දෙනා බැගින් සහභාගීවන තරගාවලියකි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මයිලෝ ආයතනය මේ අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලිය පළාත් මට්ටමින් ආරම්භ කළ අතර එයට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13000ක් පමණ එක්ව සිටියහ. එම පළාත් මට්ටමේ ජයග්‍රහී කණ්ඩායම් නාවලපිටිය පාපන්දු සැණකෙළියට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages