අලුගෝසු තනතුර සඳහා දෙදෙනකු බඳවා ගෙන අවසන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-28

අලුගෝසු තනතුර සඳහා දෙදෙනකු බඳවා ගෙන අවසන්

අලුගෝසු (වධක ) තනතුරු සඳහා දෙදෙනකු බඳවා ගෙන අවසන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

මේ තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ පසුගිය මාර්තු27 සහ 28 යන දිනයන්හි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

එයින් ඉහළ ලකුණු ලබා ගත් අයදුම්කරුවන් 26 ක් අවසාන වශයෙන් වධක තනතුරු පුහුණුව සඳහා පසුගිය 11දා වැඩමුළුවකට යොමු කළ අතර ඉන් ඉහළම ලකුණු ලබා ගත් පුද්ගලයින් දෙදෙනා මෙසේ අලුගෝසු තතුර සඳහා තොරා ගැණින.

මෙම අලුගෝසු තනතුරු ලාභීන් (වධකයින් ) දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යෙදවීමට නියමිතය.

අමෙරිකානු ජාතිකයකු ,කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 102ක් වධක තනතුරු සඳහා අයදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරා ගන්නා ලදි.

මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ බැවින්ඇමරිකානු ජාතිකයාගේ අයදුම්පත ප්‍රතික්ෂේපවූ අතර පිරිමි අය පමණක් මේ සඳහා බඳවා ගන්නා බැවින් කාන්තාවන් දෙදෙනාගේ අයදුම්පත්ද ප්‍රතික්ෂේප විණි.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට , ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් තීරණය කිරීමත් සමගම වැලිකඩ බන්ධනාගාරයද එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර සකසමින් සිටින අතර මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ 18 දෙනකු මරණ දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ වසර 43 කට පසුව වන අතර අවසන් වරට මරණ දණ්ඩනය හිමිවී ඇත්තේ තිස්සමහාරාමයේ එච්.කේ.චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා නමැත්තෙකි.

(බුද්ධිකා ඉඹුලාන)

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages