මොනරාගල අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයකට අගමැති අතින් මුල්ගල් තබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

මොනරාගල අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයකට අගමැති අතින් මුල්ගල් තබයි

මොනරාගල දිස්ත්‍රික්කය සඳහා අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රුපියල් මිලියන 585ක් වැය කර ඉදිකෙරෙන මේ ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීම පෙරේදා (22) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පිහිටි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවති භූමියේදී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබූ අයුරු සහ ඒ සඳහා වූ සිහිවටන ඵලකය නිරාවරණය කළ අයුරු මෙහි දැක්වේ. මේ අවස්ථාවට ඉඩම් හා හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය කටයුතු පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා, ඩබ්.එච්.එම් ධර්මසේන, සම්පත් ජයසූරිය, ජයසිංහ බණ්ඩාර සහ රෝයි කාවින්ද යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූප - ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages