සහරාන් මම කිසිම දිනක දැක නෑ: පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් මගේ අමාත්‍යාංශයේ සේවය කර නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

සහරාන් මම කිසිම දිනක දැක නෑ: පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් මගේ අමාත්‍යාංශයේ සේවය කර නෑ

සහරාන් කිසිදු දිනක දැක නොමැති බවත් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හෝ කිසිදු අයෙක් තම අමාත්‍යාංශයේ හෝ තමන් යටතේ සේවය කර වැටුප් ලබා නොමැති බවත් හිටපු ඇමැති රිසාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගියදා (28) පැවසීය.

සහරාන් සමඟ ඡායාරූපයක ‍සිටින බවට ප්‍රසිද්ධ වූ ඡායාරූපයේ සිටිනුයේ සහරාන් නොවන බවත් එහි සිටින මව්ලවිතුමා දැනටමත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසීය.

අ‍ප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලි‍මේන්තු විශේෂ තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් බදුයුදීන් මහතා එසේ පැවසීය. මේ ප්‍රහාරයට වගකිව යුත්තෝ කවරහුද? එවන් ප්‍රහාරයක් යළි ඇති නොවීමට කටයුතු සම්පාදනය කිරීම ඇතුළු විසඳුම් ලබාදීම මේ කමිටුවේ අභිලාෂය වේ. කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සාක්ෂි විමසීම සිදු කෙරිණි.

ඇමැති රාජිත සේනාරත්න, ඇමැති රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හිටපු ඇමැති රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, එම්.ඒ. සුමන්තිරන් හා නලින්ද ජයතිස්ස මහත්වරු සාක්ෂි මෙහෙයවීය.

හිටපු ඇමැති රිසාඩ් බදුයුදීන් මහතා-

2001 මම වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කළා. වන්නි සංවර්ධන, නැවත පදිංචි කිරීම්, ආපදා සහන අමාත්‍යධුර හා වාණිජ කර්මාන්ත, නැවත පදිංචි කිරීම් නිපුණතා සංවර්ධන ඇමැතිවරයා ලෙස දැන් කටයුතු කරනවා.

තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා මමත් ඉල්ලුවා. විශ්වාසභංග යෝජනාවක් මට එරෙහිව ආවා. චෝදනා 10ක් එහි තිබුණා. එම නිසා මාවත් කැඳවන්න කියලා මම මේ සභාවෙන් ඉල්ලුවා. එල්ල වූ චෝදනා බරපතළයි. ඒවාට මම උත්තර දුන්නා.

අයි.එස්. හෝ සහරාන් මම ජීවිතයට දැකලා නෑ. ත්‍රස්තවාදියාව දැක්කේ ප්‍රහාරයට පසුව මාධ්‍යයෙන්. මට කිසිම සම්බන්ධයක් නෑ. මම ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු සිද්ධියෙන් පසුව කාදිනල් තුමා හමුවුණා. එහිදී අපි පොරොන්දු වුණා උපරිම දඬුවම් දෙන්න. ත්‍රස්තවාදය තුරන් කරන්න උපරිම සහාය දෙනවා කිව්වා. අපි එක වේදිකාවක ඉඳලා එය කිව්වා. ත්‍රස්තවාදීන් අපේ සුසාන භූමියකත් අවසන් කටයුතු කරන්න දුන්නේ නෑ. ත්‍රස්තවාදී කටයුතු කරන්න කාලකණ්ණි වැඩ කරන්න ඉස්ලාම් ආගමේ නෑ. කුරාණයේත් නෑ. ඔවුන්ට තිබෙන්නේ මුස්ලිම් නම පමණයි.

රවි කරුණානායක මහතා -

අයිඑස් ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකරු-

නෑ ඉස්ලාම් ආගමේ එක් අයෙක් මරණවා කියන්නේ සමස්ත සමාජය ඝාතනය කිරීම ඒවා කුරාණයේ නෑ.

රවි කරුණානායක මහතා -

සතොස වාහන මේ සඳහා භාවිතා වුණා කියලා චෝදනා තිබෙනවා.

සාක්ෂිකරු -

සතොස 300 සිට 400 දක්වා අපි වැඩි කළා. මට දින 52දී කතා කරලා ගියේ නැති නිසා තරහෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් චෝදනා කළා. මේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන්ට කරන්න තිබුණේ සතොස වාහන පාවිච්චි කළා නම් පොලිසියට පැමිණිලි කරන්න ඕන. නමුත් එහෙම කළේ නෑ. ඔවුන් පොලිසි ගියේ නැති වුණාට මම ගියා විමල් වීරවංශ හා එස්.බී. දිසානායක මහත්වරුන්ට විරුද්ධව පැමිණිලි කළා.

රවි කරුණානායක මහතා -

ජී.පී.එස්. එක්ක ඉදිරිපත් කරන චෝදනා පිළිගන්නේ නැද්ද?

සාක්ෂිකරු

මම තමයි ජී.පී.එස්. 2017දී ආරම්භ කළේ. එසේ කිසිදු සතොස වාහනයක් ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගෙන නෑ.

රවී කරුණානායක මහතා -

අලව්ඩින් කියන්නේ කවුද?

සාක්ෂිකරු -

මගේ පක්ෂයේ ලේකම්වරයෙක් පක්ෂය ආරම්භකළේ 2010දී. පක්ෂෙ අයෙක් ඔහුගේ දුව බැඳලා ඉන්න කෙනා සැම්බියා යනවා කියලා ඒ අය එයාව ගුවන්තොටුපලට දාලා ඔවුන් මන්නාරම් ගියා. එයා දුව එක්ක තමයි එහි මන්නාරම් ගිහිල්ලා තියෙන්නේ. ඉන් පසුව බෝම්බකරු කියලා තිබෙනවා එක එක රටවල ඉන්නවා කියලා පසුව දැනගත්තා ඔහු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. ඔහු පොලිසියට ඒ බව සඳහන් කරලා තිබෙනවා. ඔහු කිව්වේ දුවවත් අමාරුවේ දාලා රටත් අමාරුවේ දාලා ඔහු සියල්ල නැති කළා කියලා.

නලින්ද ජයතිස්ස මහතා -

මොහොමොදීන් කියන කෙනා ගැන මොනවද දන්නේ එයාගේ පුතා නිදහස් කිරීමට ඔබ බලපෑම් කළාද?

සාක්ෂිකරු -

මේ සිද්ධිය වෙච්ච දවසේ මොහොමදීන් මට එස්.එම්.එස්. එකක් එවලා තිබුණා. එයාගේ පුතා නොදන්නා පිරිසක් පැහැ‍රගෙන ගියා කියලා. මම ඇහුවා පොලිසියට කිව්වේ නැද්ද කියලා. එතුමා පොලිසියට පැමිණිලි කරලා තිබුණා. එහෙත් තොරතුරු නැති නිසා මට ඇවිත් අඬ අඬා කිව්වා ඒකෙන් පසුව දෙහිවල ‍පොලිසියට කතා කළා. පසුව හමුදාපතිට කතා කළා. එතුමා කිව්වා සොයා බලා කියන්නම් කියලා. මම කිව්ව නිසා එම විස්තර යවලා 28 දින උදේ කතා කළාම කිව්වා අපේ බාරයේ ඉන්නවා කිව්වා 28දායින් පසුව මම කතා කළේ නෑ. මට ඕන කළේ ඉන්නවද නැද්ද කියලා තාත්තාට තේරුම් කරන්න විතරයි.

නලින්ද ජයතිස්ස මහතා -

ඇයි ඔබ කැබිනට් අමාත්‍යවරයෙක් වෙලා ආරක්ෂක ඇමැතිට කතා නොකළේ

මම ජනාධිපතිතුමාට කතා කළේ නෑ. රාජ්‍ය ඇමැතිට කතා කළා. පොලිසිය කිව්ව නිසා නෑ කියලා මම පොලිස්පතිගෙන් ඇහුවේ නෑ.

නලින්ද ජයතිස්ස මහතා -

ඇයි හමුදාපතිතුමා අවුරුදු එකහමාරකට පස්සේ කතා කරන්න කිව්වේ. ඔබ ඒ උත්තරය දෙන්න ඇහුව ප්‍රශ්නෙ මොකක්ද?

සාක්ෂිකරු -

ඒක එතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මට දැනගන්න ඕන කරලා තිබුණේ ඉන්නවාද නැද්ද විතරයි.

පොලිසිය හමුදාව ලොකු මෙහෙයුමක් කළා සේවයක් කළා. මම ඇහුවේ එක් අයෙක් ගැන විතරයි. 236 ගැන ඇහුවේ නෑ.

ආශු මාරසිංහ මහතා -

ඔබ මීට පෙර හමුදාපති දන්නවද?

සාක්ෂිකරු -

කීප වරක් කතා කර තිබෙනවා. පල්ලිවලට ආරක්ෂාව ගන්න කතා කළා. ඊට පසු පාස්කු ප්‍රහාරයන් පිළිබඳ කතා කළේ නෑ.

ආශු මාරසිංහ මහතා -

යුෂුප් මොහොමඩ් ඊබ්‍රාහිම් දන්නවාද?

සාක්ෂිකරු -

කොළඹ වෙළෙඳ සංගමයේ සභාපති නිතරම ආවේ නෑ නිල සාකච්ඡා ඉල්ලනවා. 2017දී ආවා. මම වෙළෙඳ ඇමැති නිසා එතුමා මා සමඟ වෙළෙඳ සංගමය ගැන නිල සාකච්ඡා පැවැත්වුවා විතරයි. මම පැහැදිලිව කියන්න ඕන මගේ අමාත්‍යාංශයෙන් හෝ ආයතනයේ නිලයක් වැටුපක් ඔහුට නෑ. ඊබ්‍රාහිම් කවදාවත් පුද්ගලික සාකච්ඡා ගැන කතා කළේ නෑ.

මාරසිංහ මහතා -

ඊබ්‍රාහිම් ව්‍යාපාරිකයාගේ පුත්තු අඳුනනවාද?

සාක්ෂිකරු -

අලව්දීන් දන්නවා. ඔහුගේ මඟුල් ගෙදරට ගිය නිසා මගේ අමාත්‍යාංශයේ කිසිදු ‍තොරතුරක් නෑ. ම‍ගේ උපදේශකයින් සම්බන්ධීකරණ ලේකම්වරු ගැන මම ප්‍රසිද්ධ කර තිබෙනවා.

ආශු මාරසිංහ මහතා -

ඊබ්‍රාහිම් ඉම්ෂාඩ් අහමඩ්ගේ කොලෝනියල් කම්පැණියට හිස් පතොරම් ලබා දුන්නාද?

සාක්ෂිකරු -

අපේ සුළු කර්මාන්ත දියුණු කරන්න කැබිනට් පත්‍රිකාවක් තිබුණා පාර්ලිමේන්තු අනුමැතියෙන් පිට කිසිවක් මම කරලා නෑ. මේ ගැන දැනගත් වහාම මම විස්තර ඉල්ලුවා ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව ජනපති ඇතුළු සියලු දෙනාට දුන්නා. අපි පත්තර දැන්වීමක් දානවා. අමුද්‍රව්‍ය ලබාදීම පිළිබඳ. ඒ අනුව එන ඉල්ලීම් අනුව එම අමුද්‍රව්‍ය ලබාදී තිබෙනවා.

ආශු මාරසිංහ මහතා -

ඊබ්‍රාහිම් කුළු බඩු ව්‍යාපාර කරන්න උදව් කළාද?

සාක්ෂිකරු -

එහෙම ඉල්ලීම් නෑ. එතුමා මා කුඩා කාලයේ සිට කුළු බඩු ව්‍යාපාර කළ අයෙක් සතොසට කුළු බඩු සැපයුවද කියලා මම දන්නේ නෑ. එය ටෙන්ඩර් බෝඩ් එකෙන් අහලා දැනගන්න පුළුවන්.

ආශු මාරසිංහ මහතා -

ටෙන්ඩර් බෝඩ් එකට බලපෑම් කළාද?

සාක්ෂිකරු -

එය ටෙන්ඩර් බෝඩ් සභාපතිගෙන් අහන්න ඕන. මම බලපෑම් කරලා නෑ.

නලින්ද ජයතිස්ස මහතා -

තුර්කි තානාපති කාර්යාලයෙන් කිව්වා පුහුණු ලබපු ත්‍රස්තවාදීන් ආවා කිව්වා.

සාක්ෂිකරු -

තුර්කි කතාවක් ගැන මම දන්නේ නෑ. මාධ්‍යයෙන් තමයි දැනගත්තේ. මෙවැනි අන්තවාදී කණ්ඩායමක් වර්ධනය වෙනවා කියලා මේ ප්‍රහාරයෙන් පසුවයි මම දන්නේ.

කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලනය ලොකුවට කරන්නේ නෑ. කාතන්කුඩි අපිට විශාල සම්බන්ධයක් නෑ.

සමහර දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රහාරයට පෙර දී තිබෙනවා. ඔබතුමා කිසිවක් මේ ගැන ප්‍රකාශ කර නෑ.

මම හොඳ ඉස්ලාම් භක්තිකයෙක්. ඉස්ලාම් අයම තවත් ඉස්ලාම් අයට චෝදනා කර ගත්තා. ආගම් අතරත් පොඩි පොඩි ප්‍රශ්න තිබෙනවා. ඒක ආගම් නායකයන් බලාගන්න ඕන. මම දේශපාලකයෙක්. සහරාන් විතරයි මවුලවි ලෙස පෙනී සිටිමින් මේ අපරාධ කර තිබෙන්නේ. අනෙක් සේරම උගතුන්.

හිස්බුල්ලා මහතා මගේ පක්ෂයෙන් ඉවත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන්න. මම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නා.

නලින්ද ජයතිස්ස මහතා -

කාතන්කුඩි ඔබතුමා සම්බන්ධ ප්‍රදේශයක්.

සාක්ෂිකරු -

අලුත් පක්ෂයක් 2010 තමයි අපි ආරම්භ කරන්නේ. මන්ත්‍රීවරුන් 02 හිටියේ දැන් 05ක් ඉන්නවා. සියල්ල වෙලා තියෙන්නේ 2015න් පසුවයි. දැන් පළාත් පාලන මන්ත්‍රීවරු 169ක් සිටිනවා.

නලින්ද ජයතිස්ස මහතා-

2015 මැතිවරණයෙන් පසු දේශපාලකයන් සහරාන් සමඟ ගිවිසුම් ගහලා තිබෙනවා.

සාක්ෂිකරු -

අමීර් අලි මහතා කිව්වා කිසිම ලෙසක සහරාන් සමඟ ගිවිසුම් ගත වී නැහැ කියලා.

රවී කරුණානායක මහතා -

මේ තත්ත්වය නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?

සාක්ෂිකරු -

ත්‍රස්තවාදයෙන් මම ඇති වෙන්න බැටකාලා තියෙනවා. වයස 18න් මම පීඩා වින්දේ. මුහුදේ යන විට දරුවා අතේ තබාගෙන සිටිය අම්මෙකුගෙන් දරුවා මුහුදට වැටුණා. ආරක්ෂක හමුදාව ජීවිත පූජා කර සාමය ගෙන දුන්නා. නැවත පදිංචි කිරීම ඇතුළු කටයුතු මටයි පැවරිලා තිබුණේ. රට වෙනුවෙන් මම උපරිමයෙන් කැප වුණා. 250ක් මේ සිද්ධියෙන් මිය ගියා. 500ක් පමණ තුවාල ලබා තිබෙනවා. මේ සියලු දෙනා සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. අමෙරිකාව රටට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය යෝජනා ගෙනා වෙලාවේ මුස්ලිම් රටවල ගිහින් මා අපේ රටට සහාය ඉල්ලුවා. මේ තරම් කැපවුණු මම මෙහෙම කරන්නේ ඇයි කියා මා දන්නේ නෑ. දින 57 වෙලාවේ උදව් ඉල්ලලා දුන්නේ නැති නිසා මට ප්‍රහාර එල්ල කරනවා. අස්ගිරි මල්වතු හිමිවරුන් ඇතුළු සංඝරත්නය කාදිනල්තුමා සාමය ඇති කරන්න කැප වුණා. මුස්ලිම් නම භාවිතා කර ත්‍රස්ත වැඩ කළ නිසා මා සමාව ඉල්ලවා. මම යෝජනා කරනවා මේක ගෙන දේශපාලන පක්ෂ ඡන්ද දිනන්න භාවිතා කරන්න එපා කියලා. මේ ප්‍රහාරවල ගෑවුණ සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕනෑ. මට විරුද්ධව ‍ගෙතූ චෝදනා 10 බොරු චෝදනා එහෙත් ඒ චෝදනා බරපතළ චෝදනායි. මේක දේශපාලන වාසියට ගන්න එපා. අපේ මව්රටට අපිත් ආදරෙයි. තවත් යුද්ධයක් රටට අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන් තුරන් කරන්න සියලු දෙනා එකතු විය යුතු බව කියනවා.

රවී කරුණානායක මහතා -

මේක කතෝලික පල්ලි මුල් කරගෙන සිදුවුණේ. අයිසිස් ගැන මුස්ලිම් නැතත් වචනයක් කතා කරන්නේ

සාක්ෂිකරු -

උතුරු පළාතේ අයට අඟලක් හෝ ඉඩම් දීලා නෑ. පදිංචි කරන විට කමිටුවක් පත් කළා. විල්පත්තු වනයේ එක පවුලක් හෝ පදිංචි කළේ නෑ. 2012 වසරේ පදිංචි කිරීම් කළේ මේ කමිටුව මඟින්. පදිංචි කිරීම් කළේ මන්නරම් දිස්ත්‍රික්කයේ. මේ කතා යන නිසා ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. 2017 වසරේ මේ වාර්තාව ලබා දුන්නා. මන්නාරමට විල්පත්තු අයත් නෑ. මේ ආණ්ඩුව කවුරුවත් පදිංචි කර නෑ. එක පවුලකට අක්කර භාගයකට වඩා දීලත් නෑ. සරත් ෆොන්සේකා මහතා විල්පත්තු ඇමැති ලෙස ප්‍රකාශයක් කළා.

සරත් ෆොන්සේකා මහතා -

මෙතුමාට අක්කර 3000 තියෙනවා කියන්නේ වෙනම කතාවක්.

විල්පත්තු උතුරේ ආරක්ෂක තීරුවක් තියෙනවා. විල්පත්තු ලකුණු කර නෑ. ඒ තීරුවේ 7 දෙනෙක් ගෙවල් හදලා නීතිය ක්‍රියාත්මක කර තිබුණා. ඊට උඩින් යුද්ධ කාලේ ඉඩම් අතෑරලා ගිහින් නැවත පදිංචි වෙ ලා තියෙනවා. මාධ්‍යයෙන් අවුල් කර මතයක් ගොඩනැගීම සිදු වුණා.

නලින්ද ජයතිස්ස මහතා -

කල්ලාරු රක්ෂිතයේ ගෙවල් හදලා තිබුණට 41 දෙනෙක් එහි පදිංචි නෑ කියලා විගණකාධිපති වාර්තාවේ තිබුණා.

2015 පසු නව ඇමැතිවරයෙක් සිටිනවා. පදිංචි නැත්නම් ඉවත් කිරීමයි කළ යුතු වන්නේ. එය කළ යුතු වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා. එක් ස්වාමීන් වහන්සේ නමක් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව මේ කතා කරනවා. දැන් මේ විගණන වාර්තාව නැවත හදනවා.

රාජිත සේනාරත්න මහතා -

මේක විගණන විමර්ශන වාර්තාවක්. මගේ අමාත්‍යාංශයට විරුද්ධවත් එවැනිම වාර්තාවක් මාධ්‍යයේ පළ වුණා.

නලින්ද ජයතිස්ස මහතා -

අක්කර 3000 ගැන ඔබට චෝදනා කරනවා.

සාක්ෂිකරු -

2015 මෙවැනි චෝදනාවක් එල්ල කළා අක්කර 3000 අක්කර 8000ක් කිව්වා මට හෝ මගේ පවුලට ඉඩම් නෑ. මේ ඉඩම් මට තිබෙනවා නම් රජයට ගන්න කියලා යෝජනා කරනවා.

නලින්ද ජයතිස්ස මහතා -

පවුලට ඉඩම් කොතරම් තිබෙනවාද

සාක්ෂිකරු -

අක්කර 55යි මුළු පවුලටම තියෙන්නේ.

නලින්ද ජයතිස්ස මහතා -

මන්නාරමේ දූපතක් තියෙනවා කියා කියනවා.

සාක්ෂිකරු -

මේවා පදනම් විරහිතව කරන චෝදනා. මේවා සොයා බලන්න. තියේ නම් ඒවා ඔප්පු කරන්න. එස්.බී. දිසානායක මහතා මේ චෝදනා කරන්නේ.

මුලසුන ආනන්ද කුමාරසිරි මහතා -

මගේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා කිව්වා.

මගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගත්තා කියලා දිවයිනේ පළ වුණා. එහෙම දෙයක් වෙලා නෑ. සමාජ මාධ්‍යයෙත් එම පුවත පළ වුණා 28 දින එසේ දහවලේ අද දෙරණ තුළ. පැය බාගයක් තුළ දානවා නිදහස් කළා කියලා. එතකොට හැඟී යන්නේ මම මැදිහත් වෙලා නිදහස් කළා වගේ. මේ දේවල් ජාත්‍යන්තර මාධ්‍ය වලත් ගියා. ඇත්තෙන්ම වුණේ සෝදිසියක් පමණයි. මගේ ගෙදරත් සෝදිසි කළා. මල්ලිගේ බෑගයත් සෝදිසි කරලා බදුර්දීන් රිස්කා මගේ මල්ලි නිදහස් කරලා තිබෙනවා. ඒ බව පොලිසිය පැහැදිලිවම සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිතුමා ලිපියකින් දැනුම් දීලා තිබෙනවා. මේ සෝදිසි කිරීම වුණේ 23 දින. මේ ගැන අදාළ පොලිසියෙන් අහන්න කියලා මම කියනවා. මම සහරාන් කියන ත්‍රස්තවාදී කල්ලි නායකයා සමඟ පින්තූර අරන් නෑ.

නලින්ද ජයතිස්ස මහතා-

රිෂාඩ්ගේ ලේකම්වරයෙක් ඩෙටනේටර් එක්ක අත්අඩංගුවට ගත්තා.

සාක්ෂිකරු-

හනුෂ් කියන්නේ මගේ ලේකම් කෙනෙක් නෙවෙයි. අපේ පක්ෂේ හිට‍පු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. එතුමා සැක පිට අරගෙන නිවැරදි බව තහවුරු වූ පසු නිදහස් කර තිබෙනවා.

ආශු මාරසිංහ මහතා-

එ‍ඬේරමුල්ලේ සහෝදරියකගේ නිවසක් ත්‍රස්තවාදීන්ට කුලියට දුන්නාද?

මගේ පවුලේ සහෝදරියක් වෙනුවෙන් පාලකයෙක් වෙබ් අඩවියේ දාලා කුලියට දීලා තිබෙනවා රුපියල් හැට දහසකට. සහෝදරියගේ ස්වාමි පුරුෂයාගේ මහ ගෙදර. මේක ඉක්මන් ඩොට් එල්කේ එකේ දාලා ලීස් ඇග්‍රිමන්ට් එකෙන් දීලා තිබෙනවා. ෆීල්ඩ් මාෂල් මහතාගේ ගෙදර ඉඳපු කෝකියා එතුමාට ප්‍රහාර එල්ල කළා.

රාජිත සේනාරත්න මහතා-

මේ වගේ වාර්තා හින්දා නේද මේ රටේ ගිනි ඇවිළෙන්නේ.

සාක්ෂිකරු-

ජාතීන් අතර වෛර ඇති කරන මන්ත්‍රීවරු, ආගමික නායකවරු ඉන්නවා. හතර පස් දෙනෙක් ඉන්නවා. කොන්ත්‍රාත්කාරයෝ. මේ ප්‍රහාරය වුණේ 21 දින. කාදිනල්තුමා කළු ජූලියක් ඇති කළේ නෑ. මල්වාන කඩ ගිනි තිබ්බේ මේ වාර්තා නිසා තමයි. මිනුවන්ගොඩ දක්වා ගෙවල් 400 ගාණක් විනාශ වුණා. වාහන 70ක් පොදු ඉඩම් 7ක් විනාශ වුණා. අමීර් කියන අය ඇසිඩ් කටට දාලා මැරුවා. කොල්ලෝ 400 පමණ පැය 36ක් ඇතුළත මේ ක්‍රියාව කළා. අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එක වැරදියි. ත්‍රස්තවාදයට උදව් දුන්න අයට දඬුවම් දෙන එක හරි. පල්ලි 33ක් කැඩුවා. එහෙම ඡන්දෙ දිනලා වැඩක් නෑ.

නලින්ද ජයතිස්ස මහතා-

සිලාවතුරේ නාවික හමුදා කඳවුර ඉවත් කරලා කියලා කියනවා. ජාතික ආරක්ෂාවට මෙය බලපානවා නේද?

සාක්ෂිකරු-

නාවික කඳවුරක් එහි තිබුණේ නෑ. හමුදා කඳවුරක් තිබුණා. සිලාවතුර මුස්ලිම් අය 85% ජීවත් වෙනවා. දැන් සිලාවතුර නගරය නාවික හමුදා බාරයේ තිබෙනවා. එහි ජනතාවගේ ඉඩම් තිබෙනවා. ජනතා ඉඩම් පල්ලිය පාසල දෙන්න කියලා ඉල්ලනවා. එය ආරක්ෂාවට විරුද්ධව කරන ඉල්ලීමක් නෙමෙයි. නාවික හමුදා කඳවුරට අක්කර 1000ක් තිබෙනවා. අපේ කුරාණයේ නෑ ජනතාව මරන්න කියලා. කාලකණ්නි වැඩ කරන්න කියලා කොතැනකවත් නෑ. රට බෙදන්න රට ඇතුළේ මහජාතියක් පිහිටුවන්න ඉස්ලාම් ආගමේ කියලා නෑ. අපි සහජීවනයෙන් ජීවත් වෙන්න අපි ආසයි. සෞදි අරාබි සංස්කෘතිය මෙහෙට ගේන්න අපි කවදාවත් කියන්නේ නෑ. ඉස්ලාම් ආගමේ කියන්නේ රටේ නීතියට ගරු කරන්න කියලා පමණයි. මුහුණ වහන්න එපා කියලා නීති ගෙනාවම අපි එය පිළිගත්තා. ඒකයි මුස්ලිම් ආගම. වැරදි මත සිංහල සමාජය තුළ ඇති කරන්න එපා කියලා මම ඉල්ලනවා.

නලින්ද ජයතිස්ස මහතා-

රටේ අධ්‍යාපනික පෙළ පොත් ගැනත් ඔබ සිතිය යුතුයි.

ඒ ගැන ඇමතිතුමා කමිටුවක් පත් කරලා තිබෙනවා. පැරණි පොතක තිබුණා. දැන් නෑ. මමත් ඒ ගැන සොයා බැලීමට කටයුතු කළා.

රාජිත සේනාරත්න මහතා-

කුරාණය ගැන පසු විපරමක් අවශ්‍යයි.

ෆොන්සේකා මහතා-

මේ රට බෞද්ධ සංස්කෘතියක් තියන රටක් බව පිළිගන්නවාද?

සාක්ෂිකරු -

එය මම පිළිගන්නවා.

ෆොන්සේකා මහතා-

ඊබ්‍රාහිම් කම්පැණියේ අය නිදහස් කළේ ඔබගේ බලපෑම මතද?

සාක්ෂිකරු-

මට ඒ ගැන කිසිම සම්බන්ධයක් නෑ. මගේ උපදේශකවරයෙක් ලෙස මව්ලවිවරයෙක් නෑ. ඒ ගැන මට සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළ හැකියි. පසුගිය ඡන්දෙදී එතුමා හිටියේ මගේ වේදිකාවේ නෙවෙයි. (පුවත්පත් විකාශයක් පෙන්වයි)

මට විරුද්ධව ත්‍රස්තවාදී චෝදනා එල්ල කරන්නේ දින 52 එන්න කියලා බෑ කිව්වම තරහා වූ මන්ත්‍රීවරුන්. මට ඡන්දේ ලබාදී ගමට එන්න එපා කියලා බැනර් ගැහුවා. ත්‍රස්තවාදයෙන් වැඩියෙන් බැට කාපු කෙනාත් මං. මේ ත්‍රස්තවාදයට මම කිසිදු සම්බන්ධයක් නෑ. මේ වන විට මම ‍ඇමැති නොවෙයි ඕනෑම පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම දාපු පැමිණිල්ලට අද සී.අයි.ඩී. එකට එන්න කිව්වා.

හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතාගේ පුද්ගලික ලේකම් එම්.එම්. ෆායිම් මහතා-

මගේ සහෝදරයා අබ්දුල් හලිම් මහතා. පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු මම ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස දේශපාලනයට පිවිසියා. අසාද් සාලි මහතා පැවසුවා මම අන්තවාදයට උදව් කරනවා කියලා. මම 2015 පසුව ලියාපදිංචි වූ පල්ලි ලේඛනය ඉදිරිපත් කරනවා. පල්ලි ලියාපදිංචි කිරීම අමාත්‍යාංශ‍ය මඟින් කරන්නේ නෑ. එය කරන්නේ විද්වත් මණ්ඩලයක් මඟින්. 2599ක් පල්ලි ලියාපදිංචි වෙලා. තවුහිද් 80ක් හඳුනාගෙන තිබෙනවා. වකුප් මණ්ඩලය වර්ගීකරණය කරලා නෑ. 2015 පසුව 382යි. එයින් තවුහිද් නම තිබෙන ඒවා හයක් තිබෙනවා. නුවර දිස්ත්‍රික්කයේ පල්ලි 100ක් තිබෙනවා.

2015 පසුව ලියාපදිංචි වූ පල්ලි අලුත් පල්ලි නොවෙයි. ලියාපදිංචිව නොතිබූ පැරණි පල්ලි තව 700ක් පමණ ලියාපදිංචි වී නෑ. එහි කවුරුහරි පල්ලියක් පටන් ගත්තොත් ඔවුන් එය දේපළක් ලෙස පාලනය කරනවා. සමහරු ලියාපදිංචි කරන්නේ නෑ. එස්.ටී.ජී. හෝ සී.ටී.ජී. වල කවුරුවත් වකුප් සභාවේ නෑ.

රවි කරුණානායක මහතා-

මද්‍රාස පාසල් කීයක් තිබෙනවාද?

සාක්ෂිකරු -

317 ක් රට පුරා මුදල් එකත් කරනවා.

රවි කරුණානායක මහතා-

වහප් වාදය අනුමත කරනවාද?

සාක්ෂිකරු -

මුස්ලිම් ආගමේ කාණ්ඩ හතරක් ඉන්නවා. කවුරුවත් අන්තවාදයට ගිහිල්ලා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණේ නෑ. මොන කණ්ඩායම වුණත් ආරක්ෂාවට තර්ජනයක් නම් එය සලකා බැලිය යුතුයි. නිසැකවම මම අයිඑස් හෙලා දකිනවා. හුඟක් අය කතා කරන්නේ මද්‍රාසා ගැන

දේශන ගැන. අපිට නිසි ක්‍රමවේදයක් නෑ. පුහුණුවක් හෝ බලපත්‍රයක් ලබාදීමට නමුත් වකුප් පනත නිසා අපිට සීමා තිබෙනවා.

මද්‍රාසා වකුප් ජනතාව නෑ. එයට දෙපාර්ත‍මේන්තුවේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.

රවි කරුණානායක මහතා-

අරාබි පාසල් කීයක් ලියාපදිංචිව තිබෙනවාද?

සාක්ෂිකරු-

මද්‍රාසා 317 ක් පාසල් තිබෙනවා. මද්‍රාසා පෙර පාසල් තිබෙනවා. තවුහිද් ජමාද් ලියාපදිංචි කරන්න ඔපා කියලා මම කියලා නෑ. වකුප් මණ්ඩලයේ අපේ නිලධාරීන් නෑ. අසාද් සාලි මහතා සෑම වසරකම මගේ චරිතය ඝාතනය කළා. ඒ ගැන ක්‍රියා කිරිම කාලය නාස්ති කිරීමක්. තවුහිද් ජමාද් ලියාපදිංචි වෙලා තිබෙන්නේ 2012 වසරේදී. ඔවුන් වකුප් මණ්ඩලයේ ලියාපදිංචි නෑ.

2010 සිට අසාද් සාලි මඩ ප්‍රහාර නිකුත් කළා. ඔහුට අවශ්‍ය වුණා හජ් කබිලුවට එන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ මත හජ් කෝටා එක ලබාදෙනවා. විසා තිබෙන්නේ 2500ක් වගේ 55000ක් යන්න ඉන්නවා. ඒ නිසා මිල වැඩි කරලා විකුණනවා. 2015 පසුව අපි නව ක්‍රමයක් හඳුන්වා දුන්න නිසා ලක්ෂ 6 ලක්ෂ 4 1/2ට අඩු වුණා.

නැෂනල් තවුහිද් ජමාද් මෙය ලියාපදිංචි නැ. තහනම් සංවිධාන සමඟ අපේ කිසිදු සම්බන්ධයක් න. ලක්ෂ 19ක් 20ක් පමණ මුස්ලිම් භක්තිකයෝ මේ ර‍ටේ ඉන්නවා. වෛරය පතුරවන සංවිධාන අපි හෙලා දකිනවා.

ආනන්ද කුමාරසිරි මහතා-

මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමයක් නෑ කියලා අිට පේනවා.

සාක්ෂිකරු-

අමාත්‍යතුමා ක්‍රමවේදයක් දැන් හදා තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා

මඩකලපුව විශ්වවිද්‍යාලයට අයඳුම්පත් ලැබුණේ කෙසේද?

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂිකා සී.සී. මලල්ගොඩ මහත්මිය-

එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා සහ හිරාස් හිස්බුල්ලා කියන දෙදෙනාගෙන් තමයි පළමුවෙන්ම අයඳුම්පත් ලැබුණේ. එහි අඩු පාඩු තිබූ නිසා නැවත අයඳුම්පත් කැඳෙව්වා. දෙවැනි අයඳුම්පත ඉදිරිපත් කර තිබුණේ හීරා ෆවුන්ඩේෂන් එකෙන්. මෙහි ගිවිසුම් අත්සන් කරන විට කොන්දේසි කිහිපයක් ලබාදී තිබෙනවා. එනම් වසරකට ඩොලර් මිලියන 4.7ක ආයෝජනයක් වෙන්න ඕන. අනෙක් කොන්දේසිය තමයි වසරකට 250ක් පුහුණු කරන්න ඕන. මේ කොන්දේසි සපුරන විට වසර 5ක බදු විරාමයක් ලබාදීමට කටයුතු කළා. හීරා පදනම ගැන සොයා බැලුවේ මේ සිද්ධියෙන් පසුව. මේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් විතරයි ඩියුටි ‍‍‍ෆ්‍රී භාණ්ඩ ගෙනත් තිබෙන්නේ බැටිස්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් විදියට. අවසානයේ ඔවුන් ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ආශු මාරසිංහ මහතා-

අයඳුම්පත දාන ආයතනයේ නම මොකක්ද? ඉදිකිරීම් බලන්න පළමුවෙන්ම ගියේ කවද්ද?

වළල්ගොඩ මහත්මිය-

හීරා පදනම, 2017 මාර්තු 31

නලින්ද ජයතිස්ස මහතා-

හිරා පදනම 20123 වගේ කාලෙක මේ සඳහා අවසර ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුනද?

ඒ ගැන දන්නේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා -

මොන අංශ වලට උපාධි ලබා දෙන්නද ඉල්ලා සිටියේ. පීඨ හතරක් සඳහා සෞඛ්‍ය පීඨය, ඉංජිනේරු පීඨය ඇතුළු පීඨ හතරක් සඳහාය.

රවී කරුණානායක -

උපකාරක පන්තියක් ලියාපදිංචි කළොත් අවුරුදු 5ක බදු විරාමයක් ලබාදෙනව කියන එකද මේ කියන්නේ?

ඩිප්ලෝමා ලබා දෙන ආයතන වගේ දේවල් වලට ඒ අනුමැතිය ලබා දෙනවා.

රවී කරුණානායක මහතා සඳහන් කළ මුදලට වඩා මුදල් එනකොට මේ ගැන සොයන්නේ නැද්ද

මේ ගැන ආයෝජන මණ්ඩලයට දැනුම්දීමක් කළේ නැහැ. පසුවයි දැනුම් දුන්නේ. අපි බලන්නේ ‍රටට ආයෝජන ගෙන්වා ගැනීමටයි. රුපියල් මිලියන 200ක් පමණ වටිනා භාණ්ඩ පමණයි ඩියුටි ශ්‍රී ගෙනල්ල තිබෙන්නේ.

රවී කරුණානායක-

මෙය ආයෝජනය කර තිබෙන්නේ රුපියල් වලින්ද

පිළිතුර-

රුපියල් වලින්

ආශු මාරසිංහ -

මෙම ආයතනය සඳහා මුලින්ම අවසර ඉල්ලන්නේ කවුද?

පිළිතුර-

හීරා ෆවුන්ඩේෂන්

ආශු මාරසිංහ

අනුමැතිය ලැබෙන්නේ කාටද?

පිළිතුර -

බැටින්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා

ආශු මෙම ආයතනයට අදාළ මුදල් විදේශයකින් ණය ලෙස ලැබුණු බව දැන ගත්තේ කොයි කාලෙදිද?

පිළිතුර-

පළමු කාරක සභා රැස්වීමෙන් පසුවයි දැන ගත්තේ. මේ වසරේ මැයි බවයි මතක

ආශු මාරසිංහ-

විදේශ මුදල් ආපු බව ආයෝජන මණ්ඩලය 2016 දී දකිනවා.

2016 දී තිබුණ නම් පරීක්ෂා කරන නිලධාරියා දකිනවා. ආයෝජකයා විසින් නිවැරදි ලෙස අයඳුම්පත් පිරවිය යුතුයි. නිවැරදි තොරතුරු ලබාදිය යුතුයි.

ආශු මාරසිංහ-

මෙම ව්‍යාපෘතියට එවකට රජයේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බව දැන සිටියාද?

ආශු මාරසිංහ මහතා-

රජයක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගිවිසුම් අත්සන් කරන්න බැරි බව දැන සිටියාද?

පිළිතුර -

අපි ගිවිසුම අත්සන් කරන්නේ ආයෝජකයා සමඟ. එවැන්නක් නොකළ යුතු බව අදාළ මන්ත්‍රීවරයා ‍තේරුම් ගත යුතුයි.

සභාපතිවරයා-

ඉඩම් අක්කර කොපමණ ප්‍රමාණයක් සඳහාද මේ වෙනුවෙන් අනුමැතිය සඳහාද?

පරීක්ෂා කරන ලද නිලධාරියා සඳහන් කළ පරිදි අක්කර 35ක් වැනි ප්‍රමාණයකට.

සෙනරත් මහතා -සාමාන්‍යාධිකාරී බැංකු -

සභාපති බැටික්ලෝ කැම්පස් ආයතනය සිදු කර ඇති මූල්‍ය ගනුදෙනු පිළිඳව දන්නා තොරතුරු හෙළි කරන්න

පිළිතුර -

මෙම ආයතනය සඳහා ලංකා බැංකුවේ ගිණුම් 3ක් තිබෙනවා. කොල්ලුපිටිය ශාඛාවේ ගිණුම් 2ක් හා වැලිකන්දෙ 1ක්. කොල්ලුපිටිය ශාඛාවේ ඩොලර් ගිණුමක් හා ක් ගිණුමක් රුපියල් ගිණුමක්. එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා හා තවත් අයෙක් විසින් මේ ගිණුම් විවෘත කර තිබෙනවා.

2016 ජනවාරි 25 මෙම ආයතනය බැටික්ලෝ කැම්පස් නමින් වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම 2019 ජනවාරි වන විට එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වී තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 5 දෙනෙක් පත් වී තිබෙනවා. ගිණුම විවෘත කරන වෙලාවේ බැංකුවට දැනුම් දී තිබෙනවා. ඩොලර් වලිනුත් මුදල් තැන්පත් වන බවට. ඒ වගේම රුපියල් වලින්ද මුදල් ගනුදෙනු සිදු වී තිබෙනවා. මෙම ආයතනය වෙනුවෙන් වැලිකන්ද ශාඛාව හරහා වැඩි මුදල් වියදම් කර තිබෙනවා. හිස්බුල්ලා මහතා අධ්‍යක්ෂකත්වය දරන සෙරන්ඩිබ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් හරහා මුදල් ගනුදෙනු සිදුවී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

රවී කරුණානායක මහතා

සමාගම් ගිණුමක් නම් මේ ‍මුදල් පෞද්ගලික වියදම් කරන්නේ කොහොමද?

පිළිතුර

සිටි බෑන්ක් පනත් ස්සේ මුදල් ගලාඒමේදී එය නිවැරැදි ලෙස සිදු වෙනවා. නමුත් පෞද්ගලික ලෙස මුදල් තැන්පත් වූවා නම් මේ ගැන සොයනවා.

රවි කරුණානායක මහතා

පිටරටින් එන මුදල් වෙරිෆයි කරන්න ඕන නේද?

සාක්ෂිකරු

මේ එකවුන්ට් එකට රුපියල් බිලියන 3.7ක් ඇවිල්ලා තිබෙනවා. ඩොලර් බිලියන 29ක්.

පළවන එක ඩොලර්ස් ෆෙගර්ඩර්ස් ඇවිල්ලා තිබෙනවා. මේ එකවුන්ට් එක ගැන සැකයක් හිතිලා නෑ. ජෙඩාවල අලවාල් බැංකුවේ ගනුදෙනුකරුවෙක් මෙ මුදල් එවලා තිබෙනවා.

මේ ගිණුම ආරම්භ කරන්නේ 1993දී.

ආශු මාරසිංහ මහතා

මෙය විදේශ ණය මුදලක්ද?

සාක්ෂිකරු

එහෙම කියලා නෑ. එහෙම නම් අපි කියනවා මහ බැංකුවේ අනුමැතිය ගන්න කියලා. ලංකා බැංකුව මෙය ණය මුදලක් කියලා දැන ගන්නේ මාධ්‍යයෙන් හා පාර්ලි‍මේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ගෙවන්න ප්‍රතිපාදන හදා ගන්න ඕන ගනුදෙනුකරු තමයි.

ආශු මාරසිංහ මහතා

ශ්‍රී ලංකා හිරා පදනම බැටකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් හැර තවත් ඒවාට මුදල් එවනවද?

සාක්ෂිකරු

හිරා පදනම කියන එකට ලැබිලා තිබෙනවා.

මාරසිංහ මහතා

මේ ගිණුමේ නම වැරදීම ගැන විමසීම් කළාද?

සාක්ෂිකරු

ගනුදෙනුකරුගෙන් විමසා තිබෙනවා. ගිණුම් අංකය නිවැරදි නිසා ඒ පිළිබඳ නොට් එකක් දාලා තිබෙනවා.

නලින්ද ජයතිස්ස මහතා

හිරා පදනමට මුදල් ලැබෙන්නේ සෞදියෙන් පමණක්ද?

සාක්ෂිකරු

සෞදියෙන් පමණයි

ජාතික පොලිස් කොිසමේ ලේකම් සමන්සිරි දිසානායක මහතා

මම සමෘද්ධි යෞවන කටයුතු අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතුළු ආයතන කීපයක සේවය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම ස්ථාන මාරු කරන්නේ ඉළ නිලධාරීන්ගේ පමණයි. නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථාන මාරුව පොලිස්පතිතුමා මඟින් කර තිබුණා. නිශාන්ත ද සිල්වා මහතා අපරාධ හා සමූහ මංකොල්ල අංශයේ කටයුතු කල නිලධාරියෙක්. ස්ථාන මාරුවීම කළේත් එය අවලංගු කළේත් පොලිස්පතිතුමා විසින්. 18 දින ස්ථාන මාරුව කළා. 19 දින අපිට අභියාචනාක් ආවා අපි එය ලිඛිතව පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමා නැවත ස්ථාන මාරුව අවලංගු කළා කියලා අපිට දැන්නුවා.

සිල්වා මහතාගේ මාරුවට හේතුවූයේ එල්ටීටීඊ ය සමග ගනුදෙනු කිරීම බව පැවසුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඉදිරිපත් කළ කරුණු අනුව මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙනවා.

2015 පසුව ලියාපදිංචි වූ පල්ලි අලුත් පල්ලි නොවෙයි. ලියාපදිංචිව නොතිබූ පැරණි පල්ලි තව 700ක් පමණ ලියාපදිංචි වී නෑ. එහි කවුරුහරි පල්ලියක් පටන්ගත්තොත් ඔවුන් එය දේපළක් ලෙස පාලනය කරනවා. සමහරු ලියාපදිංචි කරන්නේ නෑ. එස්.ටී.ජී. හෝ සි.ටී.ජී. වල කවුරුවත් වකුප් සභාවේ නෑ.

රවි කරුණානායක මහතා

මද්‍රසා පාසල් කීයක් තිබෙනවාද?

සාක්ෂිකරු

317ක්

රවි කරුණානායක මහතා

වහප් වාදය අනුමත කරනවාද?

සාක්ෂිකරු

මුස්ලිම් ආගමේ කාණ්ඩ හතරක් ඉන්නවා. කවුරුවත් අන්තවාදයට ගිහිල්ලා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණේ නෑ. මොන කණ්ඩායම වුණත් ආරක්ෂාවට තර්ජනයක් නම් එය සලකා බැලිය යුතුයි. නිසැකවම මම අයිඑස් හෙළා දකිනවා. හුඟක් අය කතා කරන්නේ මද්‍රසා ගැන. දේශන ගැන. අපිට නිසි ක්‍රමවේදයක් නෑ පුහුණුවක් හෝ බලපත්‍රයක් ලබාදීමට. නමුත් වකුප් පනත නිසා අපිට සීමා තිබෙනවා.

මද්‍රසා වකුප් පනතට නෑ. එයට දෙපාර්ත‍මේන්තුව ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.

රවි කරුණානායක මහතා

අරාබි පාසල් කීයක් ලියාපදිංචිව තිබෙනවාද?

සාක්ෂිකරු

මද්‍රසා 317ක් පාසල් තිබෙනවා. මද්‍රසා පෙර පාසල් තිබෙනවා. තවුහිද් ජමාද් ලියාපදිංචි කරන්න ඕන කියලා මම කියලා නෑ. වකුප් මණ්ඩලයේ අපේ නිලධාරීන් නෑ. අසාද් සාලි මහතා සෑම වසරකම මගේ චරිතය ඝාතනය කළා. ඒ ගැන ක්‍රියා කිරීම කාලය නාස්ති කිරීමක්. තවුහිද් ජමාද් ලියාපදිංචි වෙලා තිබෙන්නේ 2012 වසරේදී. ඔවුන් වකුප් මණ්ඩල‍යේ ලියාපදිංචිව නෑ.

2010 සිට අසාද් සාලි මඩ ප්‍රචාර නිකුත් කළා. ඔහුට අවශ්‍ය වුණා හජ් කමිටුවට එන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ මත හජ් කෝටා එක ලබාදෙනවා. විසා තිබෙන්නේ 2500ක් වගේ 5500ක් යන්න ඉන්නවා. ඒ නිසා මිල වැඩි කරලා විකුණනවා. 2015 පසුව අපි නව ක්‍රමයක් හඳුන්වා දුන්න නිසා ලක්ෂ 6 ලක්ෂ 4 1/2ට අඩු වුණා.

නැෂනල් තවුහිද් ජමාද් මෙය ලියාපදිංචි නෑ. තහනම් සංවිධාන සමඟ අපේ කිසිදු සම්බන්ධයක් නෑ. ලක්ෂ 19ක් 20ක් පමණ මුස්ලිම් භක්තිකයෝ මේ රටේ ඉන්නවා. වෛරය පතුරවන සංවිධාන අපි හෙළා දකිනවා.

ආනන්ද කුමාරසිරි මහතා

මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමයක් නෑ කියලා අපිට පේනවා.

සාක්ෂිකරු

අමාත්‍යතුමා ක්‍රමවේදයක් දැන් හදලා තිබෙනවා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා

මඩකලපුව විශ්වවිද්‍යාලයට අයඳුම්පත් ලැබුණේ කෙසේද?

ආයෝජන ‍මණ්ඩලයේ අධ්‍යක්ෂිකා සී.සී. මලල්ගොඩ මහත්මිය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිරාස් හිස්බුල්ලා කියන දෙදෙනාගෙන් තමයි පළමුවෙන්ම අයඳුම්පත් ලැබුණේ. එහි අඩු පාඩු තිබූ නිසා නැවත අයඳුම්පත් කැඳෙව්වා. දෙවැනි අයඳුම්පත ඉදිරිපත් කර තිබුණේ හීරා ෆවුන්ඩේෂන් එකෙන්. මෙහි ගිවිසුම් අත්සන් කරන විට කොන්දේසි කිහිපයක් ලබාදී තිබෙනවා. එනම් වසරකට ඩොලර් මිලියන 4.7ක ආයෝජනයක් ගේන්න ඕන. අනෙක් කොන්දේසිය තමයි වසරකට 250ක් පුහුණු කරන්න ඕන. මේ කොන්දේසි සපුරන විට වසර 5ක බදු විරාමයක් ලබාදීමට කටයුතු කළා. හීරා පදනම ගැන සොයා බැලුවේ මේ සිද්ධියෙන් පසුව. මේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් විතරයි ඩියුටි ෆ්‍රී භාණ්ඩ ගෙනත් තිබෙන්නේ. බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් විදියට අවසානයේ ඔවුන් ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ආශු මාරසිංහ මහතා

අයඳුම්පත දාන ආයතනයේ නම මොකක්ද, ඉදිකිරීම් බලන්න පළමුවෙන්ම ගියේ කවද්ද?

මලල්ගොඩ මහත්මිය

හීරා පදනම 2017 මාර්තු 31

නලින්ද ජයතිස්ස මහතා

හීරා පදනම 2012 වගේ කාලයක මේ සඳහා අවසර ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණද?

ඒ ගැන දන්නෙ නැහැ

නලින්ද ජයතිස්ස මහතා

මොන අංශ වලට උපාධි ලබා දෙන්නද ඉල්ලා සිටියේ.

පීඨ හතරක් සඳහා සෞඛ්‍ය පීඨය, ඉංජිනේරු පීඨය ඇතුළු පීඨ හතරක් සඳහාය.

රවි කරුණානායක

උපකාරක පන්තියක් ලියාපදිංචි ක‍ළොත් අවුරුදු 5ක බදු විරාමයක් ලබා දෙනවා කියන එකද මේ කියන්නේ

පිළිතුර

ඩිප්ලෝමා ලබාදෙන ආයතන වගේ දේවල් වලට ඒ අනුමැතිය ලබා දෙනවා.

රවි කරුණානායක මහතා

සඳහන් කළ මුදලට වඩා මුදල් එනකොට මේ ගැන සොයන්නෙ නැද්ද?

පිළිතුර

මේ ගැන ආයෝජන මණ්ඩලයට දැනුම්දීමක් කළේ නැහැ. පසුවයි දැනුම් දුන්නේ. අපි බලන්නෙ රටට ආයෝජන ගෙන්වා ගැනීමටයි. රුපියල් මිලියන 200ක් පමණ වටිනා භාණ්ඩ පමණයි ඩියුටි ෆ්‍රී ගෙනල්ල තිබෙන්නේ.

රවි කරුණානායක

මෙය ආයෝජනය කර තිබෙන්නේ රුපියල් වලින්ද

පිළිතුර

රුපියල් වලින්

ආශු මාරසිංහ

මෙම ආයතනය සඳහා මුලින්ම අවසර ඉල්ලන්නෙ කවුද?

පිළිතුර

හීරා ‍ෆවුන්ඩේෂන්

ආශු මාරසිංහ

අනුමැතිය ලැබෙන්නෙ කාටද?

පිළිතුර

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා

ආශු මාරසිංහ

මෙම ආයතනයට අදාළ මුදල් විදේශයකින් ණය ලෙස ලැබුණ බව දැනගත්තේ කොයි කාලෙදිද?

පිළිතුර

පළමු කාරක සභා රැස්වීමෙන් පසුවයි දැන ගත්තේ. මේ වසරේ මැයි බවයි මතක

ආශු මාරසිංහ

විදේශ මුදල් ආපු බව ආයෝජන මණ්ඩලය 2016දී දකිනවා

2016 දී තිබුණා නම් පරීක්ෂා කරන නිලධාරියා දකිනවා. ආයෝජකයා විසින් නිවැරැදි ලෙස අයඳුම්පත් පිරවිය යුතුයි. නිවැරදි තොරතුරු ලබාදිය යුතුයි.

ආශු මාරසිංහ

මෙම ව්‍යාපෘතියට එවකට රජයේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බව දැන සිටියාද?

පිළිතුර

නැහැ

ආශු මාරසිංහ මහතා

රජයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ගිවිසුම් අත්සන් කරන්න බැරි බව දැන සිටියාද?

පිළිතුර

අපි ගිවිසුම අත්සන් කර්නේ ආයෝජකයා සමඟ

එවැන්නක් නොකළ යුතු බව අදාළ මන්ත්‍රීවරයා තේරුම් ගත යුතුයි.

සභාපතිවරයා

‍ඉඩම් අක්කර කොපමණ ප්‍රමාණයක් සඳහාද මේ වෙනුවෙන් අනුමැතිය දුන්නාද?

පරීක්ෂා කරන ලද නිලධාරියා සඳහන් කළ පරිදි අක්කර 35ක් වැනි ප්‍රමාණයකට.

සෙනරත් මහතා

සාමාන්‍යාධිකාරී බැංකු

සභාපති බැටික්ලෝ කැම්පස් ආයතනය සිදු කර ඇති මූල්‍ය ගනුදෙනු පිළිබඳව දන්නා තොරතුරු හෙළි කරන්න

පිළිතුර

මෙම ආයතනය සඳහා ලංකා බැංකුවේ ගිණුම් 3ක් තිබෙනවා. කොල්ලුපිටිය ශාඛාවේ ගිණුම් 2ක් හා වැලිකන්ද 1ක්. කොල්ලුපිටිය ශාඛාවේ ඩොලර් ගිණුමක් හා එක් ගිණුමක් රුපියල් ගිණුමක්. එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා හා තවත් අයෙක් විසින් මේ ගිණුම් විවෘත කර තිබෙනවා.

2016 ජනවාරි 25 මෙම ආයතනය බැටික්ලෝ කැම්පස් නමින් වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම 2019 ජනවාරි වන විට එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 5 දෙනෙක් පත්වී තිබෙනවා. ගිණුම විවෘත කරන වෙලාවේ බැංකුවට දැනුම් දී තිබෙනවා ඩොලර් වලිනුත් මුදල් තැන්පත් වන බවට. ඒ වගේම රුපියල් වලින්ද මුදල් ගනුදෙනු සිදුවී තිබෙනවා. මෙම ආයතනය වෙනුවෙන් වැලිකන්ද ශාඛා හරහා වැඩි මුදල් වියදම් කර තිබෙනවා. හිස්බුල්ලා මහතා අධ්‍යක්ෂකත්වය දරන සෙරෙන්ඩිබ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් හරහා මුදල් ගනුදෙනු සිදුවී තිබෙනවා.

රවි කරුණානායක මහතා

සමාගම් ගිණුමක් නම් මේ මුදල් පෞද්ගලිකව වියදම් කරන්නේ කොහොමද?

පිළිතුර

සිටි බෑන්ක් පතක් ඔස්සේ මුදල් ගලා ඒමේදී එය නිවැරැදි ලෙස සිදු වෙනවා. නමුත් පෞද්ගලික ලෙස මුදල් තැන්පත් වුවා නම් මේ ගැන සොයනවා.

ආශු මාරසිංහ මහතා

ශ්‍රී ලංකා හිරා පදනම බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් හැර තවත් එවාට මුදල් එවනවද?

සාක්ෂිකරු

හීරා පදනම කියන එකට ලැබිලා තිබෙනවා

මාරසිංහ මහතා

මේ ගිණුමේ නම වැරදීම ගැන විමසීම් කළාද?

සාක්ෂිකරු

ගනුදෙනුකරුගෙන් විමසා තිබෙනවා. ගිණුම් අංකය නිවැරැදි නිසා ඒ පිළිබඳ නෝට් එකක් දාලා තිබෙනවා.

නලින්ද ජයතිස්ස මහතා

හීරා පදනමට මුදල් ලැබෙන්නේ සෞදියෙන් පමණක්ද?

සාක්ෂිකරු

සෞදියෙන් පමණයි

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන්සිරි දිසානායක මහතා

මම සමෘද්ධි යෞවන කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන කීපයක සේවය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම ස්ථාන මාරු කරන්නේ ඉහළ නිලධාරීන්ගේ පමණයි. නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථාන මාරුව පොලිස්පතිතුමා මඟින් කර තිබුණා. නිශාන්ත ද සිල්වා මහතා අපරාධ හා සමූහ මංකොල්ල අංශයේ කටයුතු කළ නිලධාරියෙක්. ස්ථාන මාරුවීම කළේත් එය අවලංගු කළේත් පොලිස්පතිතුමා විසින්. 18 දින ස්ථාන මාරුව කළා. 19 දින අපිට අභියාචනාවක් ආවා අපි එය ලිඛිතව පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමා නැවත ස්ථාන මාරුව අවලංගු කළා කියලා අපිට දැන්නුවා.

සිල්වා මහතාගේ මාරුවට හේතු වූයේ එල්ටීටීඊ ය සමඟ ගනුදෙනු කිරීම බව පැවසුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඉදිරිපත් කළ කරුණු අනුව මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages