මාතලේ අන්තර් පාසල් මලල ක්‍රීඩා: දක්ෂතම ක්‍රීඩකයා ඉමල්ක: ක්‍රීඩිකාව සෙත්මිණි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-03

මාතලේ අන්තර් පාසල් මලල ක්‍රීඩා: දක්ෂතම ක්‍රීඩකයා ඉමල්ක: ක්‍රීඩිකාව සෙත්මිණි

මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් විද්‍යාලයීය මලල ක්‍රීඩා උළලේදී වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට මාතලේ සාන්ත තෝමස් ජාතික පාසලේ ඉමල්ක දේශාන් (අවු 18න් පහළ බාලක තුන්පිම්ම මිටර් 13.26) සමත්වූ අතර දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස මාතලේ විජය ජාතික පාසලේ සෙත්මිණි හේවාමුල්ල (වයස අවු 18න් පහළ බාලිකා මීටර් 100 තත්.13.11) සම්මාන දිනා ගත්තාය.

තරගාවලියේ ජ්‍යෙෂ්ඨ බාලක මලල ක්‍රීඩා ශූරතාව මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල (ලකුණු 115) විසින්ද, ජ්‍යෙෂ්ඨ බාලිකා මලල ක්‍රීඩා ශූරතාව මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලද (ලකුණු 105) දිනාගත් අතර කනිෂ්ඨ බාලක ශූරතාව මාතලේ හින්දු ජාතික පාසලටත්, බාලිකා ශූරතාව මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලට හිමිවිය.

මෙවර තරගාවලියේදී මාතලේ හින්දු ජාතික පාසල බාලක කනිෂ්ඨ ශූරතාව සහ ජ්‍යෙෂ්ඨ බාලක අනුශූරතාව දිනා ගනිමින් කැපි පෙනෙන දක්ෂතා දැක්වීමද විශේෂත්වයකි.

පසුගියදා මාතලේ අලුවිහාරේ ම.වි. ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලිය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස්. යාපා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ධම්මික ඒ. හේවාවසම් මහතාගේ අධික්ෂණය යටතේ කලාප ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරි දන්ත කුමාර මාරපන මහතා විසින් සංවිධාන කරන ලදි.

මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

බාලක

අවු. 16න් පහළ - හිරුක චමෝද් උදයංග පෙරේරා (දුර පැනීම මීටර් 5.69) මාතලේ විජය ජා. පා., අවු. 18න් පහළ - ඩබ්. ඉමල්ක දේශාන් (තුන්පිම්ම මීටර් - 13.26) මාතලේ සාන්ත තෝමස් ජා. පා., අවු. 20න් පහළ - ඩබ්.ඩී. දිනේෂ් උදාර (දුර පැනීම - මීටර් 6.19) මාතලේ විජයපාල මහ විදුහල

බාලිකා

අවු. 16න් පහළ - එම්.එස්.ශාලුකී විහංගා (දුර පැනීම - මීටර් 4.35) මාතලේ විජය ජා. පා., අවු. 18න් පහළ - සෙත්මිණි හේවාමුල්ල (මීටර් 100 තත්. 13.11) මාතලේ විජය ජා. පා., අවු. 20න් පහළ - ආර්.එම්.එම්. නිවර්ථනා රාමනාථ (මීටර් 200- තත්. 31.43) මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජා. පා.

අසෝක හිදගොඩ 
මාතලේ දිසා විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages