මට ජීවිත තර්ජන එල්ලවෙලා - මත්ද්‍රව්‍ය විරෝධි සටන දුර්වල කිරීමට විශාල කුමන්ත‍්‍රණයක් තිබෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-03

මට ජීවිත තර්ජන එල්ලවෙලා - මත්ද්‍රව්‍ය විරෝධි සටන දුර්වල කිරීමට විශාල කුමන්ත‍්‍රණයක් තිබෙනවා

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ සහ ඊට දෙන නායකත්වය නිසා එය දුර්වල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (02 දා) පොළොන්නරුවේ සිරිපුරදී ප‍්‍රකාශ කළේය.

ඒ පිටුපස සිටින්නෙත් වියදම් කරන්නේත් කුඩු ජාවාරම්කාරයින් යැයිද ජනාධිපතිවරයා කීය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී මත්කුඩු ජාවාරම් කාරයින්, කුඞ්ඩන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවද හෙතෙම කීවේය.

මත්ද්‍රව්‍ය විරෝධී සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බව කී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මානව හිමිකම් බාස්ලා හිර ගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවද පැවසීය.

ආණ්ඩුවයි, විපක්ෂයයි, එන්. ජී. ඕ.යි තවත් සමාජයේ බොහෝ අය විශාල වශයෙන් තමන්ට පහර දෙන්නට පටන්ගෙන තිබෙන බව කී ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා තමන්ට ජීවිත තර්ජනද එල්ලවී තිබෙන බව කීය. බුද්ධි අංශ ඒ ගැන වාර්තා කර ඇතැයිද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

තමන් ආවේ කවුරුවත් රකින්නට නොව රට රකින්න, ජනතාව රකින්න බව පැවසූ ජනාධිපතිවරයා හොරකම, ¥ෂණය, වංචාව, නාස්තිය කවුරු කළත් ඊට දඬුවම් ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම්, මංකොල්ල, ¥ෂණ වංචා කරන විට තමන්ට බලාගෙන ඉන්නට පුළුවන් කමක් නැති බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලටම කොමිෂන් පත්කළ බවද ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ (02 දා* ලැබුණු බව කී ජනාධිපතිවරයා එහිද හොඳ හොඳ සෙල්ලම් තිබෙන බව කීවේය. හෙට අනිද්දා වන විට ඒ වාර්තාව එළි දක්වන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

මහවැලි ජනපදිකයින් 8000 ක් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් සිරිපුර මධ්‍ය මහා විiාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages