මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට

ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දීමේ චෝදනා ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
ඔහු අද (01) පෙරවරුවේ හලාවත පොලිසියට පැමිණිමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
පසුගිය 29වනදා රාත්‍රී 08.45ට පමණ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ නිවසේ ආරක්‍ෂක රාජකාරි යෙදීසිටි පොලිස් කොස්තාපල්වරයා සමඟ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා බහින් බස්වීමක් සිදුව ඇති අතර එය දුරදිග යාමත් සමග මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ. තුවාල ලැබූ පොලිස්කොස්තාපල්වරයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
පහර දීම සිදු කළ සැකකරු ඉෂාන් චතුරංග අබේසේකර නැමැති වස අවුරුදු 26ක් වූ තැනැත්තකි. ඔහු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages