හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාව අද (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබුණි.
 
නමුත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණි.
 
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages