තමිල් අරුසු කච්චි පක්ෂ නායකත්වය යළි සේනාධිරාජාට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

තමිල් අරුසු කච්චි පක්ෂ නායකත්වය යළි සේනාධිරාජාට

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායකත්වයට යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා නිතරගයෙන් පත් වී තිබේ. එම පක්ෂයේ 16 වැනි සංවත්සරය යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ දී 29 දා පැවති අවස්ථාවෙදී ඔහු යළිත් එම නායකත්වයට සුදුසු බව ඒකමතිකව තීරණය වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර  පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ අනුශාසකවරයා වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාය.

පක්ෂ සභාපතීත්වය සඳහා මාවෙයි සේනාධිරාජා මහතා පත්ව ඇති අතර පක්ෂ ලේකම් ධුරය නැෙඟනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්යධ කේ.තුරෙයිරාජසිංහම් මහතා වෙත හිමිව ඇත.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සියලුම දෙනා අගමික වතාවත් නල්ලූර් කෝවිලේදී පවත්වා 16 වැනි සංවත්සරය එම කෝවිලට නුදුරින් පිහිටි තරුණ සංගම් ශාලාවේදී ආරම්භ කළේය.

මේ අවස්ථාවට ආර්.සම්බන්ධන් මහතා සහභාගී වූ අතර පක්ෂයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (30) සහ පෙරේදා (29) දෙදින විවිධ වැඩ සටහන් සඳහා වෙන් කොට තිබුණි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages