චීනයෙන් දුම්වැටි ගෙන්වීමට බලපත් ලබාදීමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

චීනයෙන් දුම්වැටි ගෙන්වීමට බලපත් ලබාදීමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන්න

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබියදී චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

චීනයෙන් දුම්වැටි ආනයනය කළහොත් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වීමට ද තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ තීරණය සම්බන්ධයෙන් නොදන්නා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනමින් පියවරක් ගන්නා ලෙසත් සෞඛ්‍ය ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත. මුදල් අමාත්‍යාංශය මඟින් චීන දුම්වැටි ආනයනය කිරීමට අවසර ලබාදුනහොත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයක් ද කළේය.

ශ්‍රී ලංකාවේ සිටින 6000 ක් පමණ වන ලියාපදිංචි චීන කම්කරුවන් වෙනුවෙන් එම දුම්වැටි ආනයනය කරන අතර ඒ සඳහා ආනයන බලපත්‍රය ලබාදීමට නියමිතව ඇත්තේ මත්පැන් නිෂ්පාදකයෙකුට බව ද ඇමැතිවරයා පැවැසුවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ ප්‍රඥප්තියේ ඇතුළත් කරුණු 22 න් 20 ක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ක්‍රියාත්මක කර ඇත. චීන දුම්වැටි ආනයනය කිරීම එම වැඩපිළිවෙළ ආපසු හැරවීමකි. දුම්වැටි පාලනය කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි විරෝධී සම්මානය ශ්‍රී ලංකාවට අවස්ථා 03 කදී ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ තමන් සිටින තෙක් චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එය වසර 2015 දි ලබාදුන් පොරොන්දු කඩ කිරිමක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages