ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිනි නිවන රථ දෙකක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිනි නිවන රථ දෙකක්

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
 
වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
 
මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
 
වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages