‘විලියම්- කේට්‘ පාකිස්තාන සංචාරයක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

‘විලියම්- කේට්‘ පාකිස්තාන සංචාරයක

  (ක්‍රිසන්ති විතාරණ)

 වසර 13කටත් වැඩි කාලයකට පසු බ්‍රිතාන්‍ය රාජකීය සාමාජිකයකු ඉස්ලාමීය රාජ්‍යයක සිදු කරන පළමු සංචාරය සනිටුහන් කරමින්  මේ වසරේ සිසිර සෘතුවේ දී විලියම්- කේට් යුවළ පාකිස්තාන සංචාරයක නිරත වීමට නියමිතය. 

 
එම සංචාරයේ සැලැස්ම පිළිබඳව අනාවරණය කර නැතත් අනිවාර්යයෙන්ම සංචාරය සිදු වන බව කෙන්සිංග්ටන් මාලිගය තහවුරු කරයි. 
 
අවසන් වරට රජකීය පාකිස්තාන සංචාරයක් සිදුව ඇත්තේ 2006 වසරේ චාර්ල්ස්- කැමිලා යුවල විසිනි. 
 
විලියම් කුමරු ගේ මව ඩයනා කුමරිය සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ඇයගේ ජීවිත කාලය පුරා කිහිප වරක්ම පාකිස්තානයට පැමිණ ඇත. 1997 වසරේ පාකිස්තානයට පැමිණි ඩයනා කුමරිය ඉස්ලාමාද් හි පිහිටි පාර්ලිමේන්තුව අමතමින් පාකිස්තානය හා ඉන්දියාව අතර පවතින විෂමතා නිරවුල් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර එය එළිසබෙත් රැජින ගේ දෝෂාරෝපණයට ලක් විය. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages