බුද්ධි කරුණාරත්න
දේශපාලන සහ ආර්ථික නායකයන්ට, තමන්ට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට අද්විතීය සහ සුරක්ෂිත පසුබිමක් සලසන ලෝක ආර්ථික සමුළුවේ ලෝක ආර්ථික නායකයන්ගේ නිල නොවන රැස්වීමට, සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සහභාගී විය.
ලෝක ආර්ථික සංසදයේ සංවිධායකත්වය යටතේ චීනයේ ඩාලියාන්හි පැවැත් වූ නව ශූරයන්ගේ වාර්ෂික සමුළුවට ආරාධනා මත පමණක් ඉහළම මට්ටමේ නියෝජිතයෝ සහභාගී වූහ.
මෙම සමුළුවේ ඉහළම රැස්වීම වූ ලෝක ආර්ථික සමුළුවේ, ලෝක ආර්ථික නායකයන්ගේ නිල නොලත් රැස්වීමට සහභාගී වන අය තෝරාගනු ලැබුවේ අදාළ ක්ෂේත්රය පිළිබඳ ඔවුන්ගේ අදාලත්වය, තීරණ ගැනීමට ඇති හැකියාව හෝ බලපෑම් කිරීමේ හැකියාව සහ ප්‍රවීණත්වය යන කාරණා අදාළ කරගෙනය. මාතෘකාව සම්බන්ධයෙන් කලින් දක්වා ඇති දායකත්වය ද සැලකිල්ලට ගැනිණි.
ලෝක ආර්ථික නායකයන්ගේ නිල නොලත් රැස්වීම යටතේ රාජ්‍ය හා ආණ්ඩු නායකයන්, ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන්, කලාප සහ අන්තර්ජාතික සංවිධාන නායකයන්, කර්මාන්තයේ නායකයන් සහ කීර්තිමත් විද්වතුන් 25ත් 45ත් අතර පිරිසක් එක්රැස් වෙති.
No comments:
Post a Comment