පුජිත සහ හේමසිරි රෝහල් ගත කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

පුජිත සහ හේමසිරි රෝහල් ගත කෙරේ

හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
 
මේ අතර දැනට අනිවාර්ය නිවාඩු යටතේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද නාරහෙන්පිට පිහිටි පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
 
පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද (02)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දි ඇති බවයි.
 
පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
 
ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages