සහරාන් සමග පුහුණුව ලැබූ තවත් 03ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-07

සහරාන් සමග පුහුණුව ලැබූ තවත් 03ක් අත්අඩංගුවට

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු අම්පාර පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත.
 
මොවුන් ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන වන ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් යන සංවිධානවල ක්‍රියාකාරික සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
 
පසුගිය දින කිහිපයේදී අම්පාර පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages