දිසා 3කට නායයෑමේ අනතුරු ඇඟවීම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

දිසා 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඉකුත් දිනවල පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ඉහළ ගොස් තිබූ ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් දක්වා පහත බැස ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කෙසේවෙතත් පවතින අයහපත් කාලගුණීක තත්ත්වය හේතුවෙන් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන පිළිබඳ තවදුරටත් සැලකිලිමත් විය යුතු බව එම මධස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්ප්ලි මහතා කියා සිටි.

ඊයේ (14) දිනයේ ද බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා වන තද සුළං තත්ත්වයක් හටගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර නෝර්වුඩ්, නිව්වැලිබංගලා කොටසේ නාය යෑමේ අවදානමක් හේතුවෙන් නිවාස 10 ක පදිංචිකරුවන් 59 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බවද වාර්තා වී ඇත.

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 පෙරේදා (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇති අතර මේ වන විට ජල තත්ත්වය පහව ගොස් ඇත.

පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටින අතර

මෙම ගංගාවන්හි ධාරා ප‍්‍රදේශයන්ට ලැබෙමින් පවතින තද වැසි හේතුවෙන් කැලණි ගඟ දැරණියගල හා කිතුල්ගල ප‍්‍රදේශයන්ගෙන්, කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි දිනවලත් තද වැසි ඇතිවන බවත් මෙම ප‍්‍රදේශයන්හි පහත්බිම්වල ජීවත්වන ජනතාව හා එහි අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව සැළකිලිමත් විය යුතු බවත් තවලම වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක තුනකට නිකුත්කළ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය තවුදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නිරිතදිග මෝසම තවුදුරටත් සක්‍රීයව පැවතීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසකට මේවන විට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව පවසන

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර සබරගමුව දකුණ උතුරුමැද වයඹ සහ මධ්‍යම පළාත් වලටත් , ගාල්ල මාතර සහ කලුතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද කියා සිටින අතර ගිගුරුම් සහිත වැසිත් සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බවද කියා සිටි.

අධික වර්ෂාවත් සමඟ පිටාර මට්ටමට ආසන්නව පැවති කැලණි, ගිං කළු නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට පහත බැස ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන අතර ගංගා දෙපස පහත් බිම් වල ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂන සංවිධානය නුවරඑළිය රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනක් සදහා ඊයේ නිකුත් කළ නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදනය අද රාත්‍රී දක්වා බලපැවැත්වෙන බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂන සංවිධානය කියා සිටි.

සුභාෂිණී සේනානායක සහ මැද කොළඹ සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages