පාකිස්තාන 73 වැනි නිදහස් දිනය මෙරට දී උත්සවාකාරයෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

පාකිස්තාන 73 වැනි නිදහස් දිනය මෙරට දී උත්සවාකාරයෙන්

පකිස්තානයේ 73 වැනි නිදහස් දිනය අති උත්සවාකාරයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දී සමරන ලදි.

පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (වි) ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් මහතා විසින් ජාතික ධජය මෙහිදී ඔසවන ලදී. ශ්‍රී ලංකාවේ පාකිස්තාන ප්‍රජාව සහ විවිධ සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවට සහාභාගි වුහ. පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩ පැමිණි ජනතාව ඉදිරියේ කියවන ලදී.

මේ උත්සවය අමතමින් පාකිස්තාන මහ කොමසාරිස් මැතිතුමන් මෙසේ පැවැසීය.පාකිස්තානය සාමයට කැමති රටක් වන අතර එය නිර්මාණය වූයේ දැවැන්ත කැපකිරීම්වලින්. විශේෂයෙන් දකුණු ආසියාවේ සාමය හා ස්ථාවරත්වය සඳහා පාකිස්තානය සැමවිටම සහයෝගය ලබා දී තිබේ. පාකිස්තානයේ සදාචාරාත්මක, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය සහ කාශ්මීර ජනතාව ස්වයං අයිතියට සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා මේ වසරේ නිදහස් දිනය කාශ්මීර සහයෝගීතා දිනය ලෙස සැමරීමට පාකිස්තානය තීරණය කර තිබේ.

ඉන්දියාව විසින් අත්පත්කරගෙන සිටින ජම්මු හා කාශ්මීරය ජාත්‍යන්තරව පිළිගත් මතභේදාත්මක තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉන්දියාව ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා උල්ලංඝනය කිරීමක් වන අතර කාශ්මීරයේ ජන විකාශන ව්‍යුහය වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. දශක හතක පැරණි ආරවුල සාමකාමී මාර්ගයෙන් සහ දීර්ඝ කාලීන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවලට අනුකූලව විසඳීමට පාකිස්තානය සෑම විටම ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා-පාකිස්තාන සබඳතා සම්බන්ධයෙන් මහ කොමසාරිස් මැතිතුමන් මෙසේ පැවැසීය. අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ සමීප සහයෝගීතාවය මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට පාකිස්තානය විශාල වැදගත්කමක් ලබාදෙයි.

පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවට විශේෂයෙන් ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දී ඇති අතර එය දිගටම ලබා දෙන බව එතුමා මෙහිදි පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages