බන්ධනාගාර ජේලර්වරු ඇමතිනියගෙන් සාකච්ඡාවක් ඉල්ලයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-06

බන්ධනාගාර ජේලර්වරු ඇමතිනියගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

(බුද්ධිකා ඉඹුලාන)
 
බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නඇතුලු සේවා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර ජේලර්වරුන්ගේ සංගමය ඇතුලු නිළධාරින්ගේ සංගම් රැසක්  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.
 
විශේෂයෙන්ම සිය රාජකාරි ඉටු කිරීමේදී පාතාලයෙන් ඇති තර්ජන, විවිධ පුද්ගල කණ්ඩායම්වලින් එල්ලවන බලපෑම් ,තම සේවා ස්ථානයන්හිදී මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
 
පසුගියදා වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තපා ඝාතනය කිරීම,මෙසේ සාකච්ඡාවක් ඉල්ලා සිටිමට  ආසන්නතම හේතුව වූ බවත්,ඉදිරියේදී තමන් හා තම පවුල්වල ආරක්ෂාව සම්බන්ධව පැනනැගී ඇති ගැටලු සහ සේවා ගැටලු සම්බන්ධයෙන් ද ඇමැතිනිය දැනුවත් කිරීම  තම අරමුණ වන බවත් බන්ධනාගාර ජේලර්වරුන්ගේ සංගමය කියයි.
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  වත්මනෙහි පැන නැගී ඇති ගැටලු සඳහා සාධාරණ විසඳුම්ද මෙහිදී අපේක්ෂා කරන බවද එම සංගමය කියයි.  
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages