පෙරහැර යනු බුදු පසේ බුදු සහ මහ රහතන් වහන්සේ හා සෙසු උත්තමයන් උදෙසාත් දළදා වහන්සේ වැනි පුජනිය වස්තුන් විෂයෙහිත් ගරු සත්කාර පිණිස කස කරුවන්, කොඩි සේසත් ගත්තවුන්, නට්ටුවන්, පංච තුර්ය වාදකයන්, අලි අතුන් ආදීන් පෙළට යාමය.
දළදා වහන්සේ විෂයෙහි පුජෝපාහාර පිණිස පෙළට යාම දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහැර නම්න් ප්රකටව පවති.
සිරිත් ප්‍රකාරව කප් සිටුවිමේ චාරිත්‍රයෙන් පසුව නැකත් පරිදි පෙරහැර කටයුතු සිදුවන අතර පළමු දින පහ තුළ වීදි සංචාරය කරනුයේ කුඹල් පෙරහැරය.
කුඹල් පෙරහැරේ දී නවක ශිල්පින්ට පෙරහැරට සම්බන්ධ විමට අවස්ථාව උදා වේ.
පෙරහැර සිරිත් විරිත් සම්ප්‍රදායන් අනාගත පරපුරට සම්ප්‍රේශණය කරන යාන්ත්‍රනය කුඹල් පෙරහැර සමයයි.
ජන විශ්වාසයන් අනුව කුඹල් පෙරහැර නැරඹිම කුඩා දරුවන්ගේ වස් දොස් දුරු විමටත්, ලෙඩ දුක් පීඩාවන්ටත් මහත් ආශිර්වාදයක් බව කියවේ.
නන් දෙසින් පැමිණි මේ මහා ජන සමුහය පෙරහැර පුරාවට අමිසය හා ප්‍රතිපත්තිය ප්‍රගුණ කරනු ඇත.
වීදි දිගේ පුරා පැය ගණනක් හිදින ජනයා ජාති ආගම් භේදයකින් තොරව පෙරහැර නරඹනු දුටිමි.
එයයි බුදුන් දේශිත ධර්මයේ යථාර්තය.
මේ මහා දළදා සංස්කෘතියෙන් ලෝකයට සම්ප්‍රේශණය විය යුතු පණිවුඩය ද එයයි.
No comments:
Post a Comment