ශ‍්‍රීලනිප පිරිසක් එජාපට සහ පොහොට්ටුවට යනවා - මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා - අමරවීර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

ශ‍්‍රීලනිප පිරිසක් එජාපට සහ පොහොට්ටුවට යනවා - මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා - අමරවීර

නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එළැඹෙන 11 වැනි දාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් අප්‍රේල් 21දා වනවිට මෙරට ජනප්‍රියම නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටි නමුත් ප‍්‍රහාරයත් සමග එම තත්වය වෙනස් වූ බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් එක් වීමට සූදානමක් ඇති බව ද පැවසූ ඔහු කවුරු ගියත් තමන් තනිවම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටින බවද පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages