ඇසළ පෙරහර සංදේශය ජනපතිට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-16

ඇසළ පෙරහර සංදේශය ජනපතිට

Author(s): 
අසේල කුරුළුවංශ

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ (15) මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීය.

දවල් පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහ දේවාළ හා පිටිසර දේවාළ බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගියහ.

පෙරහර සංදේශය සභාව වෙත ඉදිරිපත් කිරීම දියවඩන නිලමේතුමන් පසුව සිදු කරයි. සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසුගිය 2 දින මහනුවර ඇසළ පෙරහර ආරම්භ විය. කුඹල් හා රන්දෝලි පෙරහර දින 10 ක් පුරා සංචාරය කළ අතර දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර නැරඹීමට මහනුවරට පැමිණ සිටියහ. උඩරට පාරම්පරික කලා කරුවන් 1500ක පමණ පිරිසක් සමඟ අලි ඇතුන් 70ක් පමණ ද සහභාගී වූ මහනුවර ඇසළ මංගල්‍යය ලොව විචිත්‍රවත්ව උස්සව පහ අතරින් එකක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාළ නියෝජනය කරමින් සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන් 162නෙකුට සහතික හා මුදල් පරිත්‍යාග පිරි නැමීම ජනපති අතින් මෙහිදී සිදු කෙරුණි. අනතුරුව ජනපතිවරයා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු බස්නායක නිලමේවරු හා පෙරහරට ඍජු දායකත්වය ලබාදුන් රාජ්‍යය නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. ඇසළ පෙරහර භාරය මගින් පිටිසර දේවාළ පෙරහර පැවැත්වීම පිණිස මුදල් අධාර දීම ද ජනපති අතින් සිදු කෙරුණි. රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකානයක, මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් ද රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages