මැතිවරණ කටයුතුවලට වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

මැතිවරණ කටයුතුවලට වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි

පැෆරල් සංවිධානය

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරැදිව තීරණය කිරීමට නම් මැතිවරණ පෙත්සම් නැත්නම් මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය සහ පැෆරල් සංවිධානය පවසයි.

නීති ප්‍රකාරව ව්‍යවස්ථා ප්‍රකාරව යම් යම් අධිකරණ ඇති කළ බව පෙන්වා දෙන එම සංවිධාන එවැනි අධීකරණ ව්‍යුහයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑතරම් අවස්ථා ඇති බවත් එම සංවිධාන පෙන්වා දෙයි.

මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන්වූ අධීකරණ පද්ධතියක්,එක් අධිකරණයක් හෝ අධිකරණ ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ ඇති කළ යුතු වන බවත් මේ පිළිබඳව නීතිඥ සංගමය ඇතුළු අනෙකුත් පාර්ශ්ව සලකා බැලිය යුතු වන බවත් පෙන්වා දෙන එම සංවිධානය විශේෂයෙන්ම දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් තමන්ගේ බලවත් උනන්දුව දැක්විය යුතු වන බවත් කියා සිටි.

ඊයේ (14) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා -

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරණය කරන්න පුළුවන් මෙය එක් දේශපාලන පක්ෂයකට අගතියක් සිදුවෙනවා වාසියක් සිදුවෙනවා කියා මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන්වූ අධිකරණ පද්ධතියක්,එක් අධිකරණයක් හෝ අධිකරණ ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ ඇති කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ලෙස අපි තීරණය කළා එළැඹෙන ජනාධිපතිවරණය සහ වර්තමාන දේශපාලන ස්වරූපය‍ ලෙස යම් අදහසක් ප්‍රකාහ කරන්න අපිට යම් වගකීමක් තිබෙනවා මේ අදහස් ප්‍රකාශ කරන්න.එළැඹෙන ජනාධීපතිවරණය සම්බන්ධයෙන් අප ගන්නා නිරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කරන්න.මුලින් පැවැත්විය යුතු වන්නේ පළාත් සභා මැතිවරණය ද ජනාධිපතිවරණය ද යන්න මේ වන විට ප්‍රශ්නයක්ව පවතිනවා.

පළාත් සභා 8ක මැතිවරණ පැවැත්විය යුතුයි‍.ඌව පළාත් සභාව.සැප්තැම්බර් මාසය අග වන තෙක් තාමක් ක්‍රියාත්මකයි.මැතිවවරණ කොමිෂන් සභාව අනන්ත උත්සාහ ගත්තා පළාත් සභා මැතිවරණය පවත්වන්න.අපි මේ සම්බන්ධයෙන් පෙනී සිටියා ඒත් අවාසනාවට කිසිදු දේශලපාලන පක්ෂයක් කිසිදු පුරවැසි සංවිධානයක් ඡන්ද දායකයෙක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ නැහැ.අවසාන මොහොතේ දී පමණයි ඇත්තටම දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් මේ වෙනුවෙන් යම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුයේ.අපිමුහුණු පොත තුළ සමාජ ජාල තුළ දකිනවා සමස්තයක් වශයෙන් පළාත් සභා ඡන්දය නොතැබීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට බොහෝ දෝෂාරෝපණ එල්ල වෙනවා සමජය තුළින්. නමුත් අපගේ ප්‍රශ්නය වන්නේ පුරවැසියන් ලෙසින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සංවිධාන ලෙසින් කවුද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ යන්න අපිට ප්‍රශ්නයක් .අතීතයේ දී මේ සඳහා ශ්‍රේෂ්ඨාධීකරණය වෙත යමින් ඡන්ද කල් දාන අවස්ථාවලදී අපි බොහෝ විට මැදිහත් වුණා.මේ වන විට අපි අධිකරණයට කිසිදු අගෞරවයක් කරන්න ලෑස්ති වෙන්නේ නෑ

නමුත් අපිට පෙනී යන කරුණ වන්නේ යම් අවස්ථාවලදී මැතිවරණ වෙනුවෙන් පවත්වන නඩු කටයුතු බො‍හෝ ප්‍රමාද වෙනවා.අපිටත් යම් යුතුතමක් තියෙනවා මේ සඳහා යුත්කිය ඉල්ලීමට.මෙරිටයිම් පත්තු, පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා යම් නඩු කරයක් ගොනු කළා.එහි කාලසීමාව ඉක්මවනතෙක්ම ඇත්තටම තීරණයක් ගන්නට අපහසු වුණා. එනිසා තමයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වශ‍යෙන් අපි තාමත් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරැදිව තීරණය කිරීමට නම් මැතිවරණ පෙත්සම් නැත්නම් මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙනම අධිකරණයක් ස්ථාපති විය යුතු වන බවයි.නීති ප්‍රකාරව ව්‍යවස්ථා ප්‍රකාරව යම් යම් අධිකරණ ඇති කළා.එවැනි අධීකරණ ව්‍යුහයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඕන තරම් අවස්ථාව තිබෙනවා.එසේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තීරණය කරන්න මෙය එක් දේශපාලන පක්ෂයකට අගතියක් සිදුවෙනවා වාසියක් සිදුවෙනවා කියා .ඒ නිසා මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන්වූ අධීකරණ පද්ධතියක්,එක් අධිකරණයක් හෝ අධිකරණ ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ ඇති කළ යුතුයි.

මේ පිළිබඳව නීතිඥ සංගමය අනිකුත් පාර්ශ්ව සලකා බැලිය යුතුයි.විශේෂයෙන්ම දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් තමන්ගේ බලවත් උනන්දුව මේ සඳහා දැක්විය යුතුයි.ඊට අමතරව තැබිය යුත්තේ පළාත් සභා ඡන්ද ක්‍රමය ද ජනාධිපතිවරණය ද යන්න සලකා බැලිය යුතුයි මුලින්ම මැතිවරණ නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.එහෙත් ජනාධිපතිවරණය පැවැත්වීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකිද යන්න හඩක් එක්ව තිබෙනවා.විශේෂයෙන්ම මැතිවරණ කොමිසන් සභාවටත් මේ චෝදනාවෙන් මිදෙන්න අයිතියක් තිබෙනවා.ජනාධිපතිවරයා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියා ඒ තීන්දුව ලබා දීමට නියමිතයි.මැදහත් පාර්ශ්ව කරුවන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන ලෙස දැනුම් දී තිබෙනවා .

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා -

දේශපාලන පක්ෂවල මැතිවරණ පක්ෂ වියදම් කිරීම් සීමා කිරීම මේ රටේ පාලකයන්ට බල කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක්.වියදම් සීමා කිරීම සඳහා පැෆරල් මැතිවරණ නිරික්ෂණ ක්‍රියා සංවිධානයක් මේ සඳහා අරගල කරමින් මෙය නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ගෙන යාමට බලපෑම් කර තිබෙනවා වියදම් සීමා කිරිම නොමැති නිසා ඇතැම් අපේක්ෂකයෝ රුපියල් කෝටි ගණන් පළාත් පාලන මැතිවරණයට වියදම් කරනවා අපි දැක්කා.ලක්ෂ 400ක් පමණ පවුල් 40ක් 50ක් ඉන්න ප්‍රදේශවලට වියදම් කර තිබෙනවා.මේ වන විට අධිකරණ නඩුවක් පැවැත්වෙනවා.

ආර්ථීක හැකියාව තිබෙන පිරිස් තමයි මෙමගින් ඉදිරියට එන්නේ.මේ රටේ ආර්ථීකමය හැකියාවක් ඇති අය තමයි පෙට්‍රල්ෂෙඩ් බාර් පාලනය කරන්නේ.මේ මඟින් අපේක්ෂකයන්ට වියදම් කරනවා.අඩුවෙන්ම වියදම් කළ නියෝජිතයා ලෙස කියන ගම්මන්පිල මහත්තයා රුපියල් 100 බැඟින් එකතු කර ලක්ෂ 100ක් වියදම් කළ බව පිළීගත්තා.කලුතර එක් අයෙක් ලක්ෂ 800ක් වියදම් කළා.පළාත් සභා මැතිවරණය වසර දෙකක් පමණ ඉක්ම ගොස් තිබෙනවා.නිති සම්පාදකයෝ පළාත් සභාවට අදාළ නීති අතරමං කර තිබෙනවා.අලුත් මැතිවරණ ක්‍රමය අවසන් නොකර පාර්ලිමේන්තුව එය අතරමං කර තිබෙනවා.පළාත් සභා මැතිවරණය තියනවා නම් ජනාධීපතිවරණය සමඟම තැබිය යුතුයි.අවශ්‍ය නම් මේ මැතිවරණ දෙකම එකට තැබිමේ හැකියාව තිබෙනවා ආණ්ඩුවට.මහජන කැමැත්තටත් මේ අනුව ඉඩ ලබා දිය හැකියි. ජනතා මුදල් සමඟ සෙල්ලම් කරන්න එපා කියා අපි රජයට කියනවා.දේශපලාන බල ව්‍යුහයට මහජන මුදල් භාවිත කරන්න එපා කියා අපි කියනවා.

සුභාෂිණී සේනානායක සහ මැදකොළඹ සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages