ශ්‍රී ලංකා-කාම්බෝජ සබඳතා තර කිරීමට කොන්සල් ජනරල්වරයෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

ශ්‍රී ලංකා-කාම්බෝජ සබඳතා තර කිරීමට කොන්සල් ජනරල්වරයෙක්

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ 10ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නා පැළයක් සිටවූ අයුරු...

ජනපති

ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සම්බන්ධතාව වඩා ශක්තිමත් කිරීම සඳහා කාම්බෝජයේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරල්වරයෙක් පත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රරත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ ප‍්‍රදානයක් සිදු කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් පෙරේදා (10) පෙරවරුවේ සිදු විය.එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

කාම්බෝජයේ මේ උතුම් බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණීමට ලැබීම පිළිබඳ මම ඉතාමත් සතුටු වෙනවා. මේ ස්ථානයට පැමිණීමට පෙර අපි නොම්පෙන් නගරයේ බෞද්ධ විහාරස්ථානයට සර්වඥ ධාතුන් වහන්සේ පූජා කළා, ඒ වගේම බෝධි රුක් රෝපණයකුත් ඒ ස්ථානයේ සිදු කළා. අද මේ ස්ථානයේ දී අපි නා බෝධි වෘක්ෂයක් රෝපණය කරනු ලැබුවා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා බුදුන් වහන්සේලා කිහිපනමකටම මේ නා බෝධි වෘක්ෂය උපකාර වෙලා තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ගහකොළ, ඇළදොළ ගංගා, ස්වභාවික සම්පත ආරක්ෂා කීරීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් බව. පරිසරය ආරක්ෂා කිරිම පිළිබඳ, ස්වභාවික සම්පත් රැකීම පිළිබඳ, දේශනා කළ මහා පරිසරවේදියාණෝ, බුදුරජාණන් වහන්සේ. අපි ද ඇතුළුව සියලු සත්වයාට, ගහකොළ, ඇළදොළ, ස්වභාවික සම්පත් නැතිව ජීවත්වෙන්න පුළුවන් කමක් නැහැ.

භාවනා කිරීමේදිත් විශේෂයෙන්ම බෝ වෘක්ෂය, නා වෘක්ෂය දෙස බලාගෙන භාවනා කිරීමේ දී ගිහි පැවිදි සෑම කෙනෙකුටම තමන්ගේ චිත්ත දමනය ඇති කර ගැනීමට ලොකු පහසුවක් ඇති වෙනවා. ඒ නිසා මේ උතුම් පුණ්‍ය කටයුත්තට, සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙහි සංවිධාන කටයුතු සියල්ල කළේත් මේ කටයුතු වලට මාව උනන්දු කෙරුවේත් ඕමල්පේ සෝභිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ.

අපි කාම්බෝජයට පැමිණීමේ දී මේ සියළු කටයුතු වලදී කාම්බෝජයේ රජතුමාත්, ඒ වගේම, අගමැතිතුමා සහ රජය මේ කටයුතු වලට දෙන සහයෝගය අතිශයින්ම අගය කරනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. අපට ඉදිරියටත් ලංකාව සහ කාම්බෝජය අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන තව වැඩ කරන්න පුළුවන්. කාම්බෝජයේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරල්වරයෙක් පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එය දෙරට අතර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ගැනීමට උදව්වක් වේවි. ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages